නැවත පදිංචි කිරීම්, ආරක්ෂාවට තර්ජනයක් නොවන ලෙසයි -අගමැති

Sunday, 29 March 2015 - 8:00

%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD+%E0%B6%B4%E0%B6%AF%E0%B7%92%E0%B6%82%E0%B6%A0%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A%2C+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B6%B1+%E0%B6%BD%E0%B7%99%E0%B7%83%E0%B6%BA%E0%B7%92+-%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92
රටේ ආරක්ෂාවට හානි නොවන අයුරින් නැවත පදිංචිකිරීම් සිදුකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. අගමැතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (28) පස්වරුවේ කන්කසන්තුරේ නාවික හමුදා කඳවුරේ නාවික හමුදා නිලධාරීන් සහ සෙබළුන් අමතමින්.

අග්‍රාමාත්‍ය  වැඩිදුරටත් සඳහන් කළේ මෙරට මුහුදු තීරයේ ආරක්ෂාව වෙනුවෙන් නාවික හමුදාව කරන කැපකිරීම ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍ය  ලෙස තමන්ගේ ප්‍රසාදයට ලක්ව ඇති බවයි. නාවික හමුදා කඳවුරේ නිරීක්ෂණ චාරිකාවට පෙර අග්‍රාමාත්‍යවරයා  පලාලි ගුවන් හමුදා කඳවුරේද නිරීක්ෂණ චාරිකාවට එක්වුණා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ දිනයේ නාගදීපය සහ ඩෙල්ෆ්ට් දූපතේ චාරිකාවකට එක්වූ අතර, එහිදී නාගදීප විහාරස්ථානය වැඳපුදා ගත්තා.

මේ අතර යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ පෙරවරුවේ පැවති උතුර පළාත් විදුහල්පතිවරුන් සහ අධ්‍යාපන නිලධාරීන්ගේ ප්‍රගති සමාලෝචන රැස්වීමකට ද එක්වුණා.