2014 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ

Monday, 30 March 2015 - 7:42

2014+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%99%E0%B7%85+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B5%E0%B6%BD+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
2014 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද නිකුත් කර තිබෙනවා. අයදුම්කරුවන් 577,220 ක් මෙම විභාගය සඳහා පෙනී සිට ඇති අතර එහි ප්‍රතිඵල www.hirunews.lk වෙබ් අඩවියට පිවිසීමෙන් අපේක්ෂකයන්ට ලබාගත හැකි වනවා. මීට අමතරව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk සහ www.results.exams.gov.lk  ප්‍රතිඵල ලබාගත හැකියි.

කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපවලට අයත් පාසල්වල ප්‍රතිඵල ලේඛන අද පෙරවරු 10 න් පසු විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන සහ ප්‍රතිඵල ශාඛාවෙන් අදාළ විදුහල්පතිවරුන් වෙත නිකුත් කිරීම සිදුවනවා. අනෙකුත් සියලූම පාසල් වෙත ප්‍රතිඵල ලේඛන අද දිනය තුළ තැපැල් මගින් යොමු කරන අතර සියලූම පෞද්ගලික අයදුම්කරුවන් සඳහාද ප්‍රතිඵල ඉදිරියේදී තැපැල් මගින් යොමු කිරීමට නියමිතයි.

කිසියම් විභාග අපේක්ෂකයෙකු නැවත සමීක්ෂණය සඳහා අයදුම් කිරීමට අපේක්ෂා කරන්නේ නම් අප්‍රේල් මස 24 වන දිනට පෙර අදාළ අයදුම්පත්‍ර විභාග දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතුයි. පාසල් අයදුම්කරුවන් සඳහා වන නැවත සමීක්ෂණ අයදුම්පත්‍ර, ප්‍රතිඵල ලේඛන සමග විදුහල්පතිවරුන් වෙත යවන අතර පෞද්ගලික අයදුම්කරුවන් ලබන අප්‍රේල් මස 2 වැනි දින ජාතික පුවත්පත්වල පළ කෙරෙන දැන්වීම් අනුව නැවත සමීක්ෂණ අයදුම්පත්‍ර සම්පූර්ණ කර එවිය යුතු බවයි විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.


මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අගෝස්තු මස 2 වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන්
Wednesday, 08 July 2020 - 12:52

මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අගෝස්තු මස 2 වනදා මධ්‍යම රාත්‍රි... Read More

සියලු බන්ධනාගාරවලට අමුත්තන් පැමිණීම තහනම්
Wednesday, 08 July 2020 - 12:25

දිවයින පුරා තිබෙන බන්ධනාගාර සඳහා අමුත්තන්ගේ පැමිණීම තාවකාලිකව... Read More