රත්ගම සභාපති ඝාතනයේ සැකකරුවෙකු අත්අඩංගුවට

Monday, 30 March 2015 - 8:17

%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් පුෂ්පකුමාර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු පොලීසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා අද (30) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

මේ අතර, වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්වූ සභාපතිවරයාගේ අවසන් කටයුතු ඊයේ හික්කඩුවේදී සිදුකෙරුණා. අප වාර්තාකරු සදහන් කළේ අවසන් කටයුතු සිදුකිරීමේ අවස්ථාවට මැති ඇමතිවරුන් රැසක් ද එක්ව සිටි බවයි. පසුගිය 23 වැනිදා රාත්‍රියේ හික්කඩුව - වෑවල ප්‍රදේශයේ සංචාරක හෝටලයක් තුළදී රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනයට ලක්වුණා. මෙහිදී සභාපතිවරයාගේ මිතුරන් දෙදෙනෙකු ද බරපතල තුවාල ලැබුවා.