ලංකාවේ හඬ කැවුණේ හමුදාවට අපහාසයක් වන චිත්‍රපටයක්ද ?

Monday, 30 March 2015 - 10:06

%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%84%E0%B6%AC+%E0%B6%9A%E0%B7%90%E0%B7%80%E0%B7%94%E0%B6%AB%E0%B7%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B6%B4%E0%B7%84%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1+%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B4%E0%B6%A7%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF+%3F
තිඹිරිගස්යාය ප්‍රදේශයේ ශබ්දාගාරයකදී හඬ කැවුනු චිත්‍රපටයක් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ තවදුරටත් ක්‍රීයාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසනවා. ඉන්දියාවේ නිෂ්පාදනය කර ඇති මෙම චිත්‍රපටයේ හඬ කැවීම් සඳහා සහභාගිවී සිටි පුද්ගලයින් 8 දෙනෙකුගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. එමෙන්ම අදාළ හඬ කැවීම් සඳහා යොදාගත් පරිගණකද වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් භාරයට ගෙන තිබෙනවා. මෙම චිත්‍රපටය යොදාගනිමින් මෙරට හමුදාවට අපහාසයක් සිදුවන බවට ලැබුණු පැමිණිල්ලක් මතයි පොලීසිය මේ පිළිබඳ පරීක්ෂණ සිදුකර ඇත්තේ. කෙසේ වෙතත් සිදු කෙරුණු මූලික පරීක්ෂණවලදී එම චෝදනා තහවුරු වී නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.