දිනේෂ් විපක්ෂ නායක කරන්න 58ක් කැමති වෙයි

Monday, 30 March 2015 - 12:57

%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%9A%E0%B7%82%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+58%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
රාජ්‍ය බලය පාවිච්චි කරමින් යුද ජයග්‍රහණයට මුල්වූ නායකයින් සහ නිලධාරීන් දඩයම් කිරීමේ උත්සාහයක් පවතින බවට ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ චෝදනා කරනවා. ඔහු මේ බව කියා සිටියේ සන්ධානයේ පක්ෂ කිහිපයක් එක්ව කොළඹ අද (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. මහජන එක්සත් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විපක්ෂ නායකවරයා ලෙස පත් කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නිදහස් සන්ධානයේ  මන්ත්‍රිවරුන් 58 දෙනෙකුගේ අත්සන් ලබාගෙන ඇති බවද මන්ත්‍රිවරයා කියා සිටියා. මෙම මාධ්‍ය හමුවට ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර, පිවිතුරු හෙළ උරුමයේ නායක පළාත් සභා මන්ත්‍රි උදය ගම්මන්පිලද එක්ව සිටියා.