බන්දුල ආයෙත් අල්ලස් කොමිසමට යයි

Monday, 30 March 2015 - 13:17

%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%BD+%E0%B6%86%E0%B6%BA%E0%B7%99%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
හිටපු අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද (30) යළිත් වරක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත පැමිණියා. ඒ, තමන්ට එරෙහිව එම කොමිසම වෙත සිදුකර ඇති පැමිණිල්ල කඩිනමින් විභාග කර අවසන් කරන ලෙස ඉල්ලීම සඳහායි. හිටපු අධ්‍යාපන අමාත්‍යවරයා සහ එම අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයාට එරෙහිව ලංකා ගුරු සංගමය අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ගොනුකළේ පෙබරවාරි මස 5 වැනිදායි.

මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර ව්‍යාපෘතිය සිදුකිරීමේදී අක්‍රමිකතා සිදුව ඇති බවට පවසමිනුයි ලංකා ගුරු සේවා සංගමය මෙම පැමිණිල්ල ඉදිරිපත් කළේ. කෙසේ වෙතත් පසුගිය පෙබරවාරි මස 6 වැනිදා බන්දුල ගුණවර්ධන හිටපු ඇමතිවරයා අල්ලස් කොමිසමට ගොස් තමන්ට එරෙහිව පවතින පැමිණිල්ල කඩිනමින් විභාග කරන ලෙස මුල්වරට ඉල්ලීමක් කළා.   

මේ අතර අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට එරෙහිව සිංහලේ ජාතික පෙරමුණ අද අල්ලස් කොමිසම වෙත තවත් පැමිණිල්ලක් ගොනු කළා. ඒ විල්පත්තු වනෝද්‍යානය තුළ බලහත්කාරයෙන් ඉඩම් අල්ලාගන්නා බවට පවසමින්.  

මීට පෙර මන්නාරම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්ද අමාත්‍යවරයාට එරෙහිව අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ගොනු කළා.