සරණට ඇප

Monday, 30 March 2015 - 15:42

%E0%B7%83%E0%B6%BB%E0%B6%AB%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
රුපියල් ලක්ෂ 96ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට අද ඇප ලබාදී තිබෙනවා. අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද මෙම නඩුව කැදවූ අවස්ථාවේදීයි මෙම නියෝගය නිකුත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කළේ. ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 5ක් මත හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා මුදා හළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියා. ආයෝජන මණ්ඩලය සතු සමාගමකින් ඉවත් කරන ලද යකඩ තොගයක් රුපියල් ලක්ෂ 96කට ලබාදෙන බවට මුදල් ලබාගෙන එම පොරොන්දුව කඩ කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබුණා.