Update: මහින්ද අබේකෝන් සිපිරිගෙට

Monday, 30 March 2015 - 16:53

Update%3A+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%85%E0%B6%B6%E0%B7%9A%E0%B6%9A%E0%B7%9D%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%A7
මධ්‍යම පළාත් සභාවේ සභාපති මහින්ද අබේකෝන්ට බරපතල වැඩ සහිත වසර දෙක හමාරක සිර දඬුවමක් මහනුවර පළාත්බද මහාධිකරණය අද (30) නියම කළා. මැතිවරණ නීති උල්ලංගණය කළ බවට එල්ල වූ චෝදනාවලට ඔහු වැරදිකරු කරමින්  මහනුවර මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මෙම දඬුවම ලබාදී තිබෙනවා. 2001 වසරේ දෙසැම්බර් 5 වන දා මහමැතිවරණයේදී ගලහා - පාතහේවාහැට වතු අධිකාරී කාර්යාලයේ ඡන්ද මධ්‍යස්ථානයට ගොස්  හොර ඡන්ද දැමීමට උත්සාහ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා 3කට ඔහු වැරදිකරු බවට පත්වුණා. මෙම නඩුව සම්බන්ධයෙන් පුද්ගලයන් 14 දෙනෙකුට චෝදනා එල්ල වී තිබූ අතර ඉන් දෙදෙනෙකු නඩුව විභාග වන අතරතුර ස්වභාවික හේතූන් මත මිය ගොස් තිබෙනවා. තවත් විත්තිකරුවන් 11 දෙනෙකු ප්‍රමාණවත් සාක්ෂි නොමැති නිසා අධිකරණය මගින් මුදා හරිනු ලැබුවා.



Update: Monday, 30 March 2015 - 06:53 PM
...........................................................

මධ්‍යම පළාත් සභාවේ සභාපති මහින්ද අබේකෝන්ට වසර දෙක හමාරක සිර දඬුවමක් ලබාදීමට මහනුවර මහාධිකරණය අද නියෝග කළා. ඒ, මැතිවරණ නීති උල්ලංගණය කළ බවට ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනා විභාගයට ගත් අවස්ථාවේදීයි. මහනුවර මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර එහිදී නියෝග කර ඇත්තේ බරපතල වැඩ සහිතව මෙම සිර දඬුවම ලබාදෙන ලෙසයි.