කැමති දේශපාලනයක් කිරීමේ බිය අද තුරන් වෙලා

Tuesday, 31 March 2015 - 7:46

%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF+%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8F
වර්තමාන රජය පිළිබඳ ජනතා විවේචන බහුල වශයෙන් තිබුණ ද එම රජයෙන් ජනතාව දිනා ගත් දේ ද පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති පවසනවා. ඉංගිරිය ප්‍රදේශයේ ඊයේ (30) පස්වරුවේ පැවැති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. වත්මන් රජය සම්බන්ධයෙන් විවේචන තිබුණ ද ජනවාරි 8 වන දාට පෙර නොතිබුණු කැමති දේශපාලනයක් කිරීමේ නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස විවේචන කිරීමේ නිදහස, වත්මන් රජය යටතේ උදා වී ඇති බවයි ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ.