තරුණයෙක්ගේ අනියම් ප්‍රේමය අවසන් ප්‍රේමය වේ

Tuesday, 31 March 2015 - 8:20

%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%B8%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%B8%E0%B6%BA+%E0%B7%80%E0%B7%9A
මහනුවර - දවුලගල - වෙලම්බොඩ ප්‍රදේශයේ නිවසක් තුළ දී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පිළිමතලාව ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙක්. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ (30) රාත්‍රියේ සිදුවූ මෙම ඝාතනයට හේතුව අනියම් ප්‍රේම සම්බන්ධතාවයක් බවට කරුණු අනාවරණ වී ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.