නඩ රජා මැරුවට නාවික හමුදාවේ 3ක් අත්අඩංගුවට

Tuesday, 31 March 2015 - 10:47

%E0%B6%B1%E0%B6%A9+%E0%B6%BB%E0%B6%A2%E0%B7%8F+%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+3%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
පුද්ගල පැහැර ගැනීම් සහ ඝාතන කිහිපයක් සම්බන්ධයෙන් නාවික හමුදා නිලධාරීන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන රදවාගෙන ප්‍රශ්න කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසනවා. ඔහු කියා සිටියේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති නාවික හමුදා නිලධාරීන් දෙදෙනෙකු දැනට සේවයෙන් ඉවත්ව ඇති අතර අනෙක් නිලධාරියා තවමත් සේවයේ සිටින බවයි. 2006 වසරේදී සිදුවූ පුද්ගල පැහැර ගැනීම් කිහිපයක් සහ එම වසරේදීම දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රවිරාජ් සහ ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් නිළධාරියා ඝාතනය කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙනුයි මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.