Update: රත්ගම සභාපති මැරු පොඩි ලැසියා භාරවේ

Tuesday, 31 March 2015 - 14:05

Update%3A+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%9C%E0%B6%A9%E0%B7%92+%E0%B6%BD%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B7%9A
රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් පුෂ්පකුමාර මෙන්ඩිස් ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ජනිත් මධුසංක ද සිල්වා හෙවත් පොඩි ලැසී නැමැත්තා කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට අද භාරවුණා. අනතුරුව ඔහු අප්‍රේල් 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.    

රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා හික්කඩුව - වෑවල ප්‍රදේශයේ සංචාරක හෝටලයක් තුළදී සිදුවූ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වුණේ පසුගිය 23 වැනිදා රාත්‍රියේයි. සිද්ධියෙන් ඔහු සමග සිටි මිතුරන් දෙදෙනෙකු ද බරපතල තුවාල ලැබුවා. තුවාල ලැබූ එක් පුද්ගලයෙකු සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු පිළිබඳව පොලීසියට කෙටි ප්‍රකාශයක් ලබාදී තිබුණා. ඒ අනුවයි පොලීසිය සැකකරුවන් හඳුනාගෙන පරීක්ෂණ ආරම්භ කළේ.

ඒ අනුව සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන හික්කඩුව - තෙල්වත්තේ පදිංචි 27 හැවිරිදි එක් සැකකරුවෙකු පොලීසිය පෙරේදා අත්අඩංගුවට ගත්තා. ඔහු ගාල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 8 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.



Update: Tuesday, 31 March 2015 - 07:21 PM
........................................................................

රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ජනිත් මධුසංක ද සිල්වා හෙවත් පොඩි ලැසියා නැමැත්තා කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට අද භාරවුණා. ඔහු අප්‍රේල් 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.


තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවෙයි
Monday, 03 August 2020 - 21:21

තවත් ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා... Read More

බලයට ආ සෑම රජයක්ම ජනතා විශ්වාසය කඩකළා (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:48

රටේ වංචාව නතර කිරීමට පැමිණි රජයන් අද වනවිට ජාතිවාදී ගැටුම්... Read More

කිසිදු බලවේගයකට UNPය දුර්වල කළ නොහැකියි (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:45

කිසිදු දේශපාලන බලවේගයකට එක්සත් ජාතික පක්ෂය දුර්වල කළ නොහැකි... Read More