පැරදුනා නම් ගෙදර යා යුතුයි - අරක්කු, බත් පැකට් දී මිනිසුන් හැඬවීම කැත වැඩක්

Tuesday, 31 March 2015 - 19:15

%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B6%AF%E0%B6%BB+%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%85%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%94%2C+%E0%B6%B6%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%90%E0%B6%AC%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%9A%E0%B7%90%E0%B6%AD+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%9A%E0%B7%8A
යුද ජයග්‍රහණයේ වාසිය ජනතාවට ලබාදීමට තවමත් විවිධ බාධා පවතින බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ප්‍රකාශ කළා. ඇය මේ බව කියා සිටියේ ජාත්‍යන්තර කාන්තා දින සැමරුමට සමගාමීව රට වෙනුවෙන් දිවිදුන් රණවිරුවන්ගේ මව්වරුන්ට සහ භාර්යාවන්ට ප්‍රණාම පිරිනැමීමේ උත්සවයකට කොළඹදී අද (31) එක්වෙමින්. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය ප්‍රකාශ කළේ දෙවරක් බලයට පත්වීමෙන් පසු යළි බලය ලබාගැනීමට තමන්ට අවශ්‍ය නොවූ බවයි. අරක්කු සහ කෑම පාර්සල් බෙදාදී හොරගොල්ල වලව්වට ජනතාව ගෙන්වා හැඬවීමට තමන්ටද  ඕනෑතරම් අවස්ථාව තිබුණත් එවැනි සිරිත් පුරුදු නැති බව හිටපු ජනාධිපතිනිය මෙහිදී කියා සිටියා.