ජ.වි.පෙ. සහ හෙළ උරුමයේ මෙගා නාට්‍යය?

Tuesday, 31 March 2015 - 19:33

%E0%B6%A2.%E0%B7%80%E0%B7%92.%E0%B6%B4%E0%B7%99.+%E0%B7%83%E0%B7%84+%E0%B7%84%E0%B7%99%E0%B7%85+%E0%B6%8B%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%99%E0%B6%9C%E0%B7%8F+%E0%B6%B1%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%3F
19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික හෙළ උරුමය, මෙගා නාට්‍යයක් රඟදක්වන බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කළා. එහි මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල් කොළඹ අද (31) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ආණ්ඩුවේ වත්මන් ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ජනතාව කළකිරීමට පත්ව ඇති බවයි. වත්මන් රජය ඉන්දියාවේ අවශ්‍යතා අනුව කටයුතු කරන බවයි ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.