හිටපු ජනපතිට එරෙහි පෙත්සමක් ඉවතට

Tuesday, 31 March 2015 - 19:41

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7
ජනාධිපතිවරණ සමයේ ආරක්ෂක හමුදාවන්ට පොලිස් බලතල හිමිවන අයුරින් නිකුත් කළ ගැසට් නිවේදනයක් අභියෝගයට ලක් කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කළ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය අද (31) නිෂ්ප්‍රභ කළා. පෙත්සම ගොනුකර තිබුණේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වූ දුමින්ද නාගමුවයි. ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ එය විභාගයට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය දෙපාර්ශවයේම කරුණු සලකා බලා මාර්තු මාසයෙන් පසු එම ගැසට් නිවේදනය බලාත්මක නොවීම පිළිබඳ අවධානය යොමුකර පෙත්සම නිෂ්ප්‍රභ කර තිබෙනවා.  

මේ අතර නාරාහේන්පිට අභයාරාමයේ අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදියෙකු මෙම පෙත්සම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් විමසා සිටියා. එහිදී ඔහු ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා සතු බලතල අනුව අදාළ තීරණය ගත් බවයි.

ජාතික හෙළ උරුමය 19 වන ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධවීම සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීන් හිටපු ජනාධිපතිවරයාගෙන් විමසා සිටි අතර එය ඔවුන්ගෙන් විමසන ලෙස හිටපු ජනාධිපතිවරයා සඳහන් කළා. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ලංකාවට පැමිණෙනවාදැයි විමසූ විට ඔහු කියා සිටියේ බැසිල් රාජපක්ෂ ලංකාවට එන බව ප්‍රකාශ කර ඇති බවයි.


තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවෙයි
Monday, 03 August 2020 - 21:21

තවත් ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා... Read More

බලයට ආ සෑම රජයක්ම ජනතා විශ්වාසය කඩකළා (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:48

රටේ වංචාව නතර කිරීමට පැමිණි රජයන් අද වනවිට ජාතිවාදී ගැටුම්... Read More

කිසිදු බලවේගයකට UNPය දුර්වල කළ නොහැකියි (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:45

කිසිදු දේශපාලන බලවේගයකට එක්සත් ජාතික පක්ෂය දුර්වල කළ නොහැකි... Read More