GSP සහනය ලංකාවට නැවත ලැබෙයි ද ?

Wednesday, 01 April 2015 - 7:46

GSP+%E0%B7%83%E0%B7%84%E0%B6%B1%E0%B6%BA+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%E0%B6%AF+%3F
ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන අපනයනය සම්බන්ධයෙන් පනවා ඇති තහනම ඉවත් කිරීම පිළිබඳව සහ ජී.එස්.පී. සහනය නැවත ලබාදීම සම්බන්ධයෙන් තදින් සළකා බලන බව යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති ඬේවිඞ් ඬේලි ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් යුරෝපා සංගමය පූර්ණ සහය ලබාදෙන බවයි. එල්.ටී.ටී.ඊ. සංවිධානය නීතිමය රාමුව තුළ තහනම් ලැයිස්තුවෙන් ඉවත් කර තිබුණත් එහි කටයුතු පිළිබඳ පනවා ඇති තහනම තවදුරටත් දීර්ඝ කිරීමට යුරෝපා සංගමය කටයුතු කළේ අන්තවාදී සංවිධාන නිසා ආරක්ෂාවට ඇති තර්ජන සළකා බලා බවද තානාපතිවරයා සඳහන් කළා. ඔහු මේ බව කියා සිටියේ ජනාධිපතිවරයා සමඟ ජනාධිපති කාර්යාලයේ ඊයේ (31) පැවති සාකච්ඡාවකදියි.