කෝටියක් වටිනා කේරළ ගංජා අල්ලයි

Wednesday, 01 April 2015 - 8:59

%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9A%E0%B6%BB%E0%B7%85+%E0%B6%9C%E0%B6%82%E0%B6%A2%E0%B7%8F+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
කිලිනොච්චිය - පලෙයි - කිලාලි ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 102ක් සමඟ පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (31) රාත්‍රියේ වව්නියාව පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබලූන් සහ පලෙයි පොලීසිය ඒකාබද්ධව සිදුකළ වැටලීමකදී කිලාලි ප්‍රදේශයේ කැළෑබද ප්‍රදේශයක සගවා තිබියදීයි මෙම කේරළ ගංජා සොයාගෙන ඇත්තේ. අත්අඩංගුවට ගත් සැකකරු යාපනය - ඉලවාලෙයි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28ක පුද්ගලයෙක්. සොයා ගත් කේරළ ගංජාවල වටිනාකම රුපියල් කෝටියකට අධිකයි.