Update : ඇප රැල්ලට රෝහිතත් හසු වේ

Wednesday, 01 April 2015 - 10:53

Update+%3A+%E0%B6%87%E0%B6%B4+%E0%B6%BB%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%A7+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B7%83%E0%B7%94+%E0%B7%80%E0%B7%9A
2006 වසරේ සිදුවූ මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය අද (01) නියෝග කළා. ඒ අනුව රුපියල් 50,000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදාහරින ලෙසයි නියෝග කර ඇත්තේ. ඔහුගේ විදේශ ගමන් බලපත්‍රයද අධිකරණය භාරයට ගෙන තිබෙනවා.

හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම 2006 වසරේදී කටයුතු කළේ ව්‍යවසාය සංවර්ධන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙසයි. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර සංවිධාන කර තිබූ ප්‍රදර්ශනයක් සඳහා අනුමත කළ මුදලට වඩා වැඩි මුදලක් හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම විසින් ලබාගෙන ඇති බවට ඔහුට එරෙහිව එල්ලවන එක් චෝදනාවක්. එවකට සිටි ආයෝජන මණ්ඩල සභාපතිවරයාට පෙළඹවීම් කර මෙම මුදල අනුමත කරවාගෙන ඇති බවද අල්ලස් කොමිසම නඩුව ගොනුකළ අවස්ථාවේ අධිකරණය හමුවේ ප්‍රකාශ කළා. එසේම ලන්ඩන් නුවරට ගිය හිටපු අමාත්‍යවරයා නවාතැන්ගත් හෝටලයේ වියදම් වශයෙන් අනුමත මුදලට වඩා රුපියල් 11 ලක්ෂ 70,474 ක මුදලක් ගෙවා ඇති බවටද චෝදනා එල්ල වනවා.



Update : Wednesday, 01 April 2015 - 12:44
-------------------------------------------------
රෝහිත බෝගොල්ලාගම ඇපමත මුදාහරී - විදේශ ගමන් බලපත්‍රයත් අධිකරණය භාරයට

2006 වසරේ සිදුවූ මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය අද (01) නියෝග කළා. ඒ අනුව රුපියල් 50,000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදාහරින ලෙසයි නියෝග කර ඇත්තේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගමට එරෙහිව පසුගිය 24 වැනිදා නඩු පවරනු ලැබුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවයි. එහිදී ඔහුට විදේශගතවීමද අධිකරණය තහනම් කරනු ලැබුවා.