19 වන සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 19 ක්

Thursday, 02 April 2015 - 7:49

19+%E0%B7%80%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8%E0%B7%8A+19+%E0%B6%9A%E0%B7%8A
19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකර තිබූ පෙත්සම් 19 ක් අගවිනිසුරු කේ ශ්‍රීපවන් ඇතුලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ (01) සළකා බැලූනා. එම පෙත්සම් නැවත සළකා බැලීම අද දිනය දක්වා කල් තැබීමටයි විනිසුරු මඩුල්ල තීරණය කළේ.

අදාළ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබුණේ විවිධ දේශපාලන පක්ෂ සහ විවිධ සංවිධාන විසින්. ඉන් පෙත්සම් 9 ක් යෝජිත 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනමත විචාරණයකට නොයා යුතු බවටත්, එය පාර්ලිමේන්තු බහුතරයක් මගින් සම්මත කරගත යුතු බවටත් කරුණු ඉදිරිපත් කර තිබුණා. ඉතිරි පෙත්සම් 10 ගොනු කර තිබුණේ යෝජිත 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවටයි.

යෝජිත 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇති 33 වන වගන්තිය තුළින් බුදු දහම හෑල්ලූවට ලක්වන බව මහජන එක්සත් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ පවතින ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය තුළින් බුදු දහම ආරක්ෂා කිරීම සහ පෝෂණය කිරීම සඳහා ඉඩකඩ වෙන්වී ඇති බවයි. එහෙත් අදාළ 33 වන වගන්තියෙන් එය හෑල්ලූවට ලක්වන බවයි හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නීතීඥ සුනිල් වටගල කියා සිටියේ මෙය වරදවා වටහා ගැනීමක් බවයි. කිසි ලෙසකින්වත් අදාළ 33 වන වගන්තිය තුළින් බුදු දහම ආරක්ෂා කිරීමට සහ එය පෝෂණය කිරීමට හානියක් සිදු නොවන බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.



තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවෙයි
Monday, 03 August 2020 - 21:21

තවත් ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා... Read More

බලයට ආ සෑම රජයක්ම ජනතා විශ්වාසය කඩකළා (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:48

රටේ වංචාව නතර කිරීමට පැමිණි රජයන් අද වනවිට ජාතිවාදී ගැටුම්... Read More

කිසිදු බලවේගයකට UNPය දුර්වල කළ නොහැකියි (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:45

කිසිදු දේශපාලන බලවේගයකට එක්සත් ජාතික පක්ෂය දුර්වල කළ නොහැකි... Read More