ජේසුස් කිස්තුස් වහන්සේ කුරුසයේ ඇණ ගැසූ මහ සිකුරාදා අදයි

Friday, 03 April 2015 - 8:33

%E0%B6%A2%E0%B7%9A%E0%B7%83%E0%B7%94%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A+%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B6%BA%E0%B7%9A+%E0%B6%87%E0%B6%AB+%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B7%96+%E0%B6%B8%E0%B7%84+%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%8F+%E0%B6%85%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
ලොව පුරා කිතුණු ජනතාව අද (03) මහ සිකුරාදා දිනය ඉමහත් භක්තියෙන් යුතුව සමරනු ලබනවා. ඒ, ජේසුස් කිස්තුස් වහන්සේගේ දුක් විදීම හා කුරුසයෙහි මරණය අනුස්මරණය කරමින්. අද දිනයේ කිතුනු බැතිමතුන් මස් මාංශවලින් වැළකී දේවස්ථාන කරා ගොස්  ආගමික පිළිවෙත්වල නිරතවීම සම්ප්‍රදායක්.

මේ අතර, මහ සිකුරාදා දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියා සිටියේ සත්‍යය, යුක්තිය, සාධාරණත්වය විවිධ බලපෑම් හමුවේ යටපත් වී නපුරේ බලවේග ඉස්මතු වීම අප ලෝක ඉතිහාසය පුරාම අත්දැක ඇති බවයි. අප දේශයත් යහපත්, සදාචාර සම්පන්න රාජ්‍යයක් කරා යන ගමනේදී එලෙස අදැහැමි බව රජයන්නට ඉඩ නොදී මනුෂ්‍යත්වය රැකගන්නට මහ සිකුරාදා අධිෂ්ඨාන කරගත යුතු බව අග්‍රාමාත්‍යවරයා සිය නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.