යුරෝපා සංගමය පැන වූ මත්ස්‍ය අපනයන තහනම ගැන තව මසකින් යළි ඇගයීමක්

Friday, 03 April 2015 - 12:52

%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B6%B4%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%96+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%80+%E0%B6%B8%E0%B7%83%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%87%E0%B6%9C%E0%B6%BA%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකාවට පනවා ඇති මත්ස්‍ය නිෂ්පාදන අපනයන තහනම පිළිබඳ ලබන මැයි මාසයේදී යළි ඇගයීමක් සිදුකරන බව මෙරට සංචාරයක නිරත යුරෝපා සංගමයේ නියෝජිත පිරිස ප්‍රකාශ කළා. ආසියානු සහ පැසිෆික් කලාපයට අදාළ යුරෝපා සංගම් විදේශ කටයුතු ක්‍රියාකාරී සේවාවේ වැඩබලන කළමනාකාර අධ්‍යක්ෂ ඌගෝ ඇස්ටුටෝ මේ බව ප්‍රකාශ කළේ ඊයේ (02) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. ජී.එස්.පී. ප්ලස් තීරුබදු සහනය නැවත ශ්‍රී ලංකාවට ලබාදීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කළ බව ඔහු මෙහිදී සඳහන් කළා.

‘‘ජී.එස්.පී. ප්ලස් තීරුබදු සහනය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා ශ්‍රී ලංකාවට පවතින අවශ්‍යතාව පිළිබඳ අප සාකච්ඡා කළා. පසුගිය සතියේ යුරෝපා සංගම් වෙළඳ සහ ආර්ථික කමිටුව මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ නව පියවරකට එළැඹුණා. යුරෝපා සංගමයේ ජී.එස්.පී. ප්ලස් නව රෙගුලාසිවලට අනුකූලව එම තීරුබදු සහනය නැවත ලබා ගැනීමටයි ශ්‍රී ලංකාව අපේක්ෂා කරන්නේ. නව සංවාද ක්‍රියාවලිය ඒ සඳහා ඉවහල් වනු ඇතැයි මම විශ්වාස කරනවා. ඒ සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සම්මුතීන් 27 ක් ක්‍රියාවට නැංවිය යුතුයි. එහි මුල් පියවරක් ලෙස යහපාලනය, නීතියේ ස්වාධිපත්‍ය සහ මානව හිමිකම් සම්බන්ධයෙන් යාන්ත්‍රණයන් ස්ථාපිත කෙරෙනවා.

මෙරට මත්ස්‍ය නිෂ්පාදන සඳහා යුරෝපා සංගමයෙන් පැන වී ඇති තහනම පිළිබඳවද අප අදහස් හුවමාරු කර ගත්තා. යුරෝපා සංගමයේ නිර්ණායකයන්ට අනුකූල නොවන මසුන් මැරීම සම්බන්ධයෙනුයි අදාළ තහනම පනවා ඇත්තේ. ඒවට අනුකූල අන්දමින් කටයුතු කිරීමට ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර සම්බන්ධයෙන් වාර්තාවක් ලක් රජය මැයි මාසයේදී ඉදිරිපත් කිරීමට නියමිතයි. එම වාර්තාවට අනුව යුරෝපා සංගමය ඒ පිළිබඳ තීරණයකට එළැඹෙනු ඇති.’’

ජගත් මානව හිමිකම් මණ්ඩලයේ ශ්‍රී ලංකා වාර්තාව ප්‍රකාශයට පත් කිරීම කල් දැමීම සඳහා යුරෝපා සංගමයද සහය වූ බවයි ඔහු කියා සිටියේ.

‘‘එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පැවැත් වූ පරීක්ෂණයේ වාර්තාව ප්‍රකාශයට පත්කිරීම මාස 06 කින් කල් දැමීමට යුරෝපා සංගමයද සහය පළ කළා. දැන් ශ්‍රී ලංකාව ඒ සඳහා ලබාදුන් ප්‍රතිඥාවන්ට අනුව කටයුතු කළ යුතුයි. ඒ සඳහා විශ්වසනීයත්වයෙන් යුත් දේශීය යාන්ත්‍රණයක් සකස් කිරීම අවශ්‍යතාවක්.’’



තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවෙයි
Monday, 03 August 2020 - 21:21

තවත් ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා... Read More

බලයට ආ සෑම රජයක්ම ජනතා විශ්වාසය කඩකළා (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:48

රටේ වංචාව නතර කිරීමට පැමිණි රජයන් අද වනවිට ජාතිවාදී ගැටුම්... Read More

කිසිදු බලවේගයකට UNPය දුර්වල කළ නොහැකියි (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:45

කිසිදු දේශපාලන බලවේගයකට එක්සත් ජාතික පක්ෂය දුර්වල කළ නොහැකි... Read More