අඩාල වූ ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා යළි ගොඩනැගෙනවා - මෝදිගේ භාරතීය ජනතා පක්ෂය

Saturday, 04 April 2015 - 7:33

%E0%B6%85%E0%B6%A9%E0%B7%8F%E0%B6%BD+%E0%B7%80%E0%B7%96+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+-+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B7%83%E0%B6%B6%E0%B6%B3%E0%B6%AD%E0%B7%8F+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+-+%E0%B6%B8%E0%B7%9D%E0%B6%AF%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%AD%E0%B7%93%E0%B6%BA+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA
පෙර පැවැති රජයන්හි කෙටි දැක්මක් සහිත ප්‍රවේශයන් හේතුවෙන් ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා පසුගිය දශක 3 තුළ බිඳ  වැටීම්වලට ලක්වූ බව ඉන්දීය භාරතීය ජනතා පක්ෂය පවසනවා. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් බෙංගලූර් නුවර පැවැත්වෙන පක්ෂයේ දෙදින විධායක කමිටු රැස්වීමේදී මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා. එහිදී ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් යෝජනාවක් ද සම්මත කර ගැණුනු බවයි ඉන්දීය මාධ්‍ය සදහන් කළේ. ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා මෙලෙස දුර්වලවීමට දෙපාර්ශවයටම දේශීය වශයෙන් බලපෑ දේශපාලන අපේක්ෂාවන් මුල් වූ බව එහිදී පිළිගැනුණු කරුණක්. මෙලෙස ද්වි පාර්ශවික සබඳතා බිද වැටීම ඉන්දියාවේ සමීපතම අසල්වැසියා වන ශ්‍රී ලංකාව සමඟ ක්‍රමෝපාය ගැටළු ඇති කිරීමට ද හේතු වූ බව භාරතීය ජනතා පක්ෂය ප්‍රකාශ කළා.

ඉන්දීය විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ඉන්දීය පාලක පක්ෂය ඊයේ සම්මත කර ගැනුණු යෝජනාවේ දැක්වෙන්නේ ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා යථා තත්ත්වයට පත් කර ගැනීමට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අධිෂ්ඨාන පූර්වකව කටයුතු කරන බවයි. ශ්‍රී ලංකාවේ නව රජයක් බලයට පැමිණීමත් සමඟ ඊට රුකුලක් ලැබී තිබෙනවා. මේ හේතුවෙන් දෙපාර්ශවයේම ක්‍රියාකාරකම් ඉහළ ගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය සදහන් කළේ. ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා සිය ප්‍රථම විදේශ චාරිකාව සඳහා ඉන්දියාව තෝරා ගත් අතර, අග්‍රාමාත්‍ය මෝදිගේ ශ්‍රී ලංකා චාරිකාව තුළින් දෙරට අතර සබඳතා වර්ධනයට ඉමහත් පිටිවහලක් ලැබී තිබෙනවා. යාපනයේ සංචාරය කළ භාරතයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වූයේ ද නරේන්ද්‍ර මෝදියි. එහිදී සහයෝගීතා ෆෙඩරල් ක්‍රමයක් මෙන්ම 13 වන සංශෝධනය සහ ඉන් ඔබ්බට ගිය විසදුමක් පිළිබදව මෝදි අදහස් ඉදිරිපත් කළ බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සදහන් කළා.