දක්ෂිණ අධිවේගයේ රිය අනතුරකින් අයෙක් මරුට

Saturday, 04 April 2015 - 10:26

%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AB+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
දක්ෂිණ අධිවේගී මාර්ගයේ අද (04) සිදුවූ රිය අනතුරකින් තවත් ජීවිතයක් අහිමි වුණා.

දක්ෂිණ අධිවේගි මාර්ගයේ වැලිපැන්න - කුරුඳුගහ හැතැප්ම අතර කිලෝමීටර් හතලිස් තුන - එක  කණුව අසලයි අද පෙරවරුවේ මෙම අනතුර සිදුවුණේ. එහිදී මෝටර් රථයේ ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වූ අතර වෛද්‍යවරයෙකු වන ඔහුගේ පුත්‍රයා තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ ගාල්ල සිට කඩුවෙල දෙසට ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයේ නවතා තිබූ මාර්ග සංවර්ධන අධිකාරියට අයත් ජීප් රථයක පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. අනතුරෙන් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ මෝටර් රථය පැදවූ 68 හැවිරිදි පියා වන අතර, මොවුන් ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන්.