චීන ගුවන් යානයක් ශ්‍රී ලාංකිකයන්ගේ සිහින බොඳ කරයි

Sunday, 05 April 2015 - 18:47

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1+%E0%B6%B6%E0%B7%9C%E0%B6%B3+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
යේමනයේ සිටින ශ්‍රී ලාංකිකයින් ගුවනින් ගෙන්වා ගැනීම සඳහා අද (05) දිනයේදී ක්‍රියාත්මක කර තිබූ වැඩපිළිවෙල අසාර්ථක වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. පෙර දැනුම් දුන් පරිදි යේමනයේ සිටින ශ්‍රී ලාංකිකයින් 50 දෙනෙකු පමණ අද චීන ගුවන් යානයකින් බහාරේන් දක්වා රැගෙන ඒමටයි නියමිතව තිබුණේ. නමුත්, යේමනයේ පවතින අනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් අද දිනයේ එම ගුවන් යානය යේමනය දක්වා පියාසර කළේ නැහැ.

කෙසේ වෙතත්, ගුවනින් හෝ මුහුදින් හැකි ඉක්මනින් ආසන්නතම රටකට ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීම තම අරමුණ බවයි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ. ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමේ කටයුතු සඳහා ඉන්දියාව, චීනය සහ ඉන්දුනීසියාව ද මේ වන විට ශ්‍රී ලංකාවට සහාය ලබාදී තිබෙනවා. ජාත්‍යන්තර අර්බුදයකදී වෙනත් රටවල වැසියන් බේරා ගැනීමට චීනය ඉදිරිපත් වූ ප්‍රථම අවස්ථාව මෙය බවයි සැලකෙන්නේ. පාකිස්තානය, ඉතියෝපියාව, ඉතාලිය, ජර්මනිය, පෝලන්තය, අයර්ලන්තය, බ්‍රිතාන්‍යය සහ කැනඩාව යේමනයේ සිරවී සිටින තම වැසියන් බේරා ගැනීම සඳහා චීනයේ සහාය ඉල්ලා තිබුණා.

මේ අතර, යුද ගැටුම් පවතින යේමනයේ සිර වී සිටි විදේශිකයන් 225 දෙනෙකු චීන යුද නෞකාවක් මගින් පසුගිය දා බේරා ගත් බව එරට විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළා. විදේශිකයන් ඉවත් කර ගැනීම සඳහා චීන යුද නෞකාව අවදානම් සහිත මෙහෙවරක නිරත වූ බවයි ආරක්ෂක විචාරකයන් පෙන්වා දෙන්නේ.විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා සදහන් කළේ යේමනයේ සිටින ශ්‍රී ලාංකිකයින් සමඟ තානාපති කාර්යාලය හරහා නිරන්තරයෙන් සම්බන්ධතා පවත්වා ගන්නා බවයි.