කළුතර බන්ධනාගාරය තුළ සිරකරුවෙකු දිවි නසා ගනී

Monday, 06 April 2015 - 8:59

%E0%B6%9A%E0%B7%85%E0%B7%94%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B6%B1%E0%B7%83%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
මත්කුඩු සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි සැකකරුවෙකු කළුතර බන්ධනාගාරය තුළ දී ගෙළ වැළලාගෙන සිය දිවි හානි කරගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ ඊයේ මෙම සැකකරු සපත්තු ලේස් පටියක ආධාරයෙන් ගෙළ වැළලාගෙන ඇති බවයි. සැකකරු අද දිනයේ මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට ද නියමිතව තිබුණා.

කළුතර බන්ධනාගාරයේ ඊයේ දිනයේදී සිරකරුවන් වෙනුවෙන් අවුරුදු උත්සවයක්ද පවත්වා තිබෙනවා. සිය දිවි හානි කරගත් මෙම සැකකරු ද අවුරුදු උළෙලට එක්ව සිටි බව සදහන්. කෙසේ වෙතත්, අවුරුදු උත්සවය නිමවී බන්ධනාගාරයේ ලොන්ඩරිය තුළදී සැකකරු ගෙළ වැළලාගෙන සිය දිවි හානිකරගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. මෙලෙස මිය ගොස් ඇත්තේ මොරටුව ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙක්. ඔහුගේ මෘත ශරීරය නාගොඩ රෝහලේ තැන්පත් කර ඇති අතර අද දිනයේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතයි.