අලි රොෂාන්ගේ තාත්තත් අලි හදලා

Monday, 06 April 2015 - 11:48

%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%BB%E0%B7%9C%E0%B7%82%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AD%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B7%84%E0%B6%AF%E0%B6%BD%E0%B7%8F
ඔරුගොඩවත්ත වානේ සංස්ථා භූමියේ රඳවා සිටි අලි පැටවෙකු වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා. වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කළ දැනුම්දීමකට අනුව ඊයේ රාත්‍රියේ වනජීවී නිලධාරීන් එම ස්ථානයට යන අවස්ථාවේදී එහි වන අලින් දෙදෙනෙකු සිට තිබෙනවා.  අලි දෙදෙනාගෙන් එකෙකු අලි පැටවෙකු වන අතර එම අලි පැටවා සම්බන්ධයෙන් ඉදිරිපත් කළ බලපත්‍රය අලි රොෂාන්ගේ පියා වන එස්. නන්දදාසට අයත් එකක් බවයි වනජීවී නිලධාරීන් සඳහන් කළේ.  නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ව්‍යාජ බලපත්‍ර මත වන අලි ළඟ තබා ගැනීමේ චෝදනා යටතේ දැනට රක්ෂිත බන්ධනාගාරයේ පසුවනවා.  ඊට අමතරව එම ස්ථානයේ සිටි අනෙක් අලියා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රීආරච්චිට අයත් බවට හෙළිව තිබෙනවා.