යේමනයේ කොටු වූ ශ්‍රී ලාංකිකයින් චීන නැවකින් ඉවත් කර ගැනේ

Monday, 06 April 2015 - 18:56

%E0%B6%BA%E0%B7%9A%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94+%E0%B7%80%E0%B7%96+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
යේමනයේ යුද ගැටුම් හේතුවෙන් අතරමංවී සිටි ශ්‍රී ලාංකිකයින් 40 දෙනෙකු අද (06) පස්වරුවේ අප්‍රිකානු  ජිබුට් රාජ්‍ය වෙත රැගෙන එන බව විදේශ අමාත්‍යාංශය පවසනවා. වැඩබලන විදේශ කටයුතු අමාත්‍ය අජිත් පී. පෙරේරා අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ මෙම ශ්‍රී ලාංකිකයින් 40 දෙනා ඊයේ දිනයේදී යේමනයේ සානා අගනුවර සිට එරට හොදෙයිදා වරාය නගරයට රැගෙන ආ බවයි. අනතුරුවයි මෙලෙස ඔවුන් අද ජිබුට් රාජ්‍ය වෙත රැගෙන එන්නේ. ඒ අනුව ඔවුන් කඩිනමින් ශ්‍රී ලංකාවට රැගෙන එන බව වැඩබලන විදේශ කටයුතු අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර, අද උදෑසන ද යේමනයේ සිටි ශ්‍රී ලාංකිකයන් 05 දෙනෙකු දිවයිනට පැමිණි බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළා. ඒ අනුව එරට රැදී සිටින ශ්‍රී ලාංකිකයින් 83 දෙනෙකු අතරින් මේ වනවිට මෙරටට 13 දෙනෙකු පැමිණ තිබෙනවා.