ලෝක සෞඛ්‍ය දිනය අද

Tuesday, 07 April 2015 - 8:27

%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF
ලෝක සෞඛ්‍ය දිනය අදට යෙදී තිබෙනවා. මෙවර සෞඛ්‍ය දිනයේ තේමාව වී ඇත්තේ ගොවිපළේ සිට බඳුන දක්වාම ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීම යන්නයි. අනාරක්ෂිත ආහාර නිසා ලොව පුරා වසරකට මිලියන දෙකක ජනතාවක් මිය යන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද ලෝක සෞඛ්‍ය දිනය නිමිත්තෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. යම් රටක ආහාර සුරක්ෂිතතාව එම රටේ ජාතික ආරක්ෂාව තරමටම වැදගත් කරුණක් බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. ඒ හේතුවෙන් මෙවර ලෝක සෞඛ්‍ය දිනයේ තේමාව ගොවිපළේ සිට බඳුන දක්වාම ආහාර සුරක්ෂිතාව තහවුරු කිරීම ලෙස හැදින්වීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. නව රජය යටතේ ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් වෙනම අමාත්‍යාංශයක් ඇති කිරීමට පියවර ගත් බව ද එහි සදහන්.  සෞඛ්‍යරක්ෂිත, පෝෂ්‍යදායී ආහාර වේලක් ලක් වැසි ජනතාවට ලබාගත හැකි පරිසරයක් ගොඩනැගීම නව රජයේ අරමුණ බවයි අග්‍රාමාත්‍යවරයා සිය නිවේදනයෙන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ.