ෆුල් ෆේස් පැළඳ කොල්ලකෑම් 7 ක් - ඝාතනයක් සිදුකළ හතරදෙනෙකු අත්අඩංගුවට

Tuesday, 07 April 2015 - 19:10

%E0%B7%86%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B7%86%E0%B7%9A%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B7%85%E0%B6%B3+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%91%E0%B6%B8%E0%B7%8A+7+%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%85+%E0%B7%84%E0%B6%AD%E0%B6%BB%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ෆුල්ෆේස් හෙල්මට් හෙවත් සම්පූර්ණයෙන්ම මුහුණ ආවරණය වූ හිස් වැසුම් පැළඳ ප්‍රදේශ රැසක සිදුකළ මුදල් සහ දේපළ කොල්ලකෑම් ගණනාවකට සම්බන්ධ සැකකරුවන් 4 දෙනෙකු ටී 56 ගිනි අවියක් සහ උණ්ඩ 30 ක් සමඟ පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය වසරේ සැප්තැම්බර් 10 වැනිදා හෝමාගම තොග වෙළඳසැලකට පැමිණ ගිනි අවියකින් වෙඩි තබා සේවකයන් බියගන්වා රුපියල් තුන් ලක්ෂ දස දහසක මුදලක් කොල්ලකෑම සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලට අනුවයි මොවුන් පිළිබඳ අනාවරණ වී ඇත්තේ. එම පරීක්ෂණ මෙහෙයවනු ලැබුවේ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දරගේ ඍජු අධීක්ෂණය යටතේයි.

ඒ අනුව පසුගිය වසරේ අවිස්සාවේල්ලේ සිදුවූ කොල්ලකෑම් දෙකකට මෙන්ම පසුගිය වසරේ සැප්තැම්බර් 27 වැනිදා වෙළඳසැලක සිදුවූ පුද්ගල ඝාතනයකටද මෙම සැකකරුවන් සම්බන්ධ වී ඇති බව සදහන්. කැස්බෑවේ සහ වැලිවේරියේ, ඉන්ධනහල් දෙකක් කොල්ලකෑමේ සිද්ධිය මෙන්ම බෝකුන්දර සහ අත්තිඩියේ, පිහිටි පෞද්ගලික බැංකු දෙකක් රුපියල් ලක්ෂ 50 කට වැඩි මුදලක් කොල්ලකෑමේ සිද්ධියද මෙම පිරිස විසින් සිදුකර තිබෙනවා. එසේම වැල්ලවත්ත, මහරගම, කොට්ටාව යන ප්‍රදේශවලද මෙම සැකකරුවන් තම ක්‍රියාකාරකම් මෙහෙයවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 18, 24, 30 සහ 45 යන වයසේ පසුවනවා. ඔවුන් මිද්දෙණිය සහ මාවනැල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ. එසේම මෙම සියලූ කොල්ලකෑම්වලට ඔවුන් ෆුල්ෆේස් හෙල්මට් භාවිත කර ඇති බවද ඔහු ප්‍රකාශ කළා.