Update: 12 වැනිදා ජාතික ශෝක දිනයක්

Wednesday, 08 April 2015 - 6:44

Update%3A+12+%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8F+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B7%81%E0%B7%9D%E0%B6%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
අපවත් වී වදාළ සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහනාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ලබන 12 වැනිදා පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව මහනුවර පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. එදින ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් බී.ඒ.එච්.එස්. බොරැලස්ස ප්‍රකාශ කළා. ඒ, අස්ගිරි මහා විහාරයේ අද (08) පස්වරුවේ පැවති සාකච්ඡාවකදියි. එම සාකච්ඡාවට බුද්ධශාසන අමාත්‍යාංශය සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් මෙන්ම ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ නිලංග දෑලබණ්ඩාර සහ මහනුවර දිසාපතිවරයා, නගරාධිපතිවරයා ඇතුළු  පිරිසක් එක්ව සිටියා.

රෝගී තත්ත්වයක් හේතුවෙන් පසුගිය මාර්තු මාසයේදි සිංගප්පූරුවට වැඩම කළ  මහ නාහිමියන් වසර 86 ක් ආයු ශ්‍රී  වින්දනය කොට  අද (08) අළුයම අපවත්වී වදාළේ සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදියි. උන්වහන්සේගේ  ශ්‍රී දේහය සිංගප්පූරුවෙන් අද පස්වරු 7 යි 50 ට පිටත්වන  ශ්‍රී ලංකන් ගුවන් යානයෙන් දිවයිනට වැඩම කිරීමට නියමිතව තිබෙනවා. ගුවන් යානය මෙරටට ළඟාවීමට නියමිතව ඇත්තේ රාත්‍රී 9 යි 10 ටයි. අනතුරුව දේහය හෙට උදෑසන විශේෂ රිය පෙරහරකින් මහනුවරට රැගෙන යනු ඇති.  අවසන් කටයුතු සිදු කෙරෙන 12 වැනිදා පස්වරු 1ට එය අස්ගිරි මහා විහාරයේ සිට දේහය රැගත් අවමඟුල් පෙරහර මහනුවර පොලිස් ක්‍රීඩාංගණය වෙත පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

1930 වසරේ මාර්තු මස 17 වැනිදා උපත ලැබූ උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහනාහිමියන් පැවිදි බිමට ඇතුළත් වන්නේ 1945 වසරේ ජුලි 21 වැනිදායී. අතිපූජ්‍ය පලීපාන ශ්‍රී චන්දානන්ද මහනාහිමියන්ගේ අපවත්වීමෙන් පසු 1999 වසරේදී බුද්ධරක්ඛිත හිමියන් අස්ගිරි පාර්ශවයේ 20 වන මහනාහිමියන් ලෙස එම ධුරයට පත්වනවා.



Update: Wednesday, 08 April 2015 - 18:17
---------------------------------------------------------------------------------------------------------------------------------

අස්ගිරි මහනාහිමියන්ගේ ශ්‍රී දේහය අද රාත්‍රියේ දිවයිනට - ආදාහන පූජෝත්සවය 12 වනදා

අපවත් වී වදාළ සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහනාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අප්‍රේල් 12 වැනිදා පැවැත්වීමට නියමිතයි. උන්වහන්සේගේ ශ්‍රී දේහය සිංගප්පූරුවේ සිට අද (08) රාත්‍රියේ දිවයිනට වැඩම කරවන බවයි අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සී නාහිමියන් හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.

සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේදී අස්ගිරි මහනාහිමියන් අද අලූයම අපවත් වී වදාලා. රෝගී තත්ත්වයක් හේතුවෙන් උන්වහන්සේ පසුගිය මාර්තු මාසයේදීයි, සිංගප්පූරුවට වැඩම කර තිබුණේ. අපවත් වීම සැලවීමෙන් පසු අස්ගිරි මහා විහාරයේ කාරක සංඝ සභාව අද උදෑසන අටට රැස්වූ අතර, එහිදී තීරණය කර ඇත්තේ පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව අප්‍රේල් 12 වැනිදා මහනාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීමටයි. එය සිදුකරන ස්ථානය අද පස්වරුවේ දැනුම්දීමට නියමිතව තිබෙනවා.

මේ අතර, අස්ගිරි මහනාහිමියන්ගේ ශ්‍රී දේහය මෙරටට වැඩම කරවීම සඳහා රජය වෙනුවෙන් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ අද පෙරවරුවේ සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබෙනවා. අද රාත්‍රියේ වැඩම කරවන දේහය හෙට විශේෂ රිය පෙරහරකින් මහනුවරට රැගෙන යනු ඇති.

1930 වසරේ මාර්තු මස 17 වැනිදා උපත ලැබූ උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහනාහිමියන් පැවිදි බිමට ඇතුළත් වන්නේ 1945 වසරේ ජුලි 21 වැනිදායී. අතිපූජ්‍ය පලීපාන ශ්‍රී චන්දානන්ද මහනාහිමියන්ගේ අපවත්වීමෙන් පසු බුද්ධරක්ඛිත හිමියන් අස්ගිරි පාර්ශවයේ මහනායක ධුරයට පත්වනවා. ඒ, 1999 වසරේදීයි. අපවත් වනවිට 86 වැනි වියේ පසු වූ උන්වහන්සේ රට, ජාතිය සහ සම්බුදු සසුන වෙනුවෙන් ඉමහත් මෙහෙවරක් කළ වන්දනීය බුද්ධ පුත්‍රයානන් වහන්සේ නමක් ලෙස හැඳින්විය හැකියි. විවිධ අවස්ථාවන් හිදී රටට එරෙහිව පැන නැගුණු අභියෝග හමුවේ උන්වහන්සේ ලබාදුන් අවවාද, අනුශාසනා කැපී පෙනුණා.

Update: Wednesday, 08 April 2015 - 13:17
---------------------------------------------------------------------------------------------------------------------------------
අපවත් වූ අස්ගිරි මහනාහිමියන්ගේ ආදහන පූජෝත්සවය 12 වනදා

අපවත් වී වදාළ සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහනාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අප්‍රේල් 12 වනදා පැවැත්වීමට නියමිතයි. උන්වහන්සේගේ ශ්‍රී දේහය සිංගප්පූරුවේ සිට අද (08) රාත්‍රියේ දිවයිනට වැඩම කරවන බවයි අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සී නාහිමියන් හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ. සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේදී අස්ගිරි මහනාහිමියන් අද අලූයම අපවත් වී වදාලා.  රෝගී තත්ත්වයක් හේතුවෙන් උන්වහන්සේ පසුගිය මාර්තු මාසයේදීයි, සිංගප්පූරුවට වැඩම කර තිබුණේ. අපවත් වීම සැලවීමෙන් පසු අස්ගිරි මහා විහාරයේ කාරක සංඝ සභාව අද උදෑසන අටට රැස්වූ අතර, එහිදී තීරණය කර ඇත්තේ පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව අප්‍රේල් 12 වනදා මහනාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීමටයි. එය සිදුකරන ස්ථානය අද පස්වරුවේ දැනුම්දීමට නියමිතව තිබෙනවා.

Update : Wednesday, 08 April 2015 - 6:44
..............................................................................................................................................................

අස්ගිරි මහනාහිමියන් අපවත් වෙයි

ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහනායක හිමියන් අද (08) අලූයම අපවත් වී තිබෙනවා. සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලේදී මහනාහිමි අපවත් වූ බවයි ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී සදහන් කළේ. රෝගී තත්ත්වයක් හේතුවෙන් අස්ගිරි පාර්ශවයේ මහනාහිමියන් පසුගිය මාර්තු මාසයේදී වැඩිදුර ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට ගොස් තිබෙනවා.

1930 වසරේ මාර්තු මස 17 වන දා උපත ලැබූ අස්ගිරි මහනාහිමියන් අපවත් වන විට 86 හැවිරිදි වියේ පසුවුණා. අස්ගිරි පාර්ශවයේ අනුනායක හිමියන් ලෙස කටයුතු කළ උන්වහන්සේ එම පාර්ශවයේ මහනායක ධුරයට පත්වූයේ 1999 වර්ෂයේ දෙසැම්බර් මාසයේදියි.