භාණ්ඩාගාර බිල්පත් මගින් රුපියල් බිලියන 400 ක් ලබාගැනීම සඳහා වන යෝජනාව ඊයේ (07) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 21 කින් පරාජයට පත්වුණා. යෝජනාවට පක්ෂව ඡන්ද 31 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 52 ක්. යෝජනාවට අදාළව ඡන්ද විමසීමක් අවශ්‍ය බව ප්‍රකාශ කළේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය නියෝජනය කරන ස්වාධීන මන්ත්‍රී අජිත් කුමාරයි.
ඒ අනුව පැවති ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් මෙන්ම ජනතා විමුක්ති පෙරමුණද මීට එරෙහිව ඡන්දය භාවිත කළා. පසුගියදා ඇමති ධුර ලබාගත් නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ද මෙහිදී ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටීම විශේෂත්වයක්.