ශ්‍රී ලාංකිකයින් 29 දෙනෙකු යේමනයෙන් දිවයිනට

Wednesday, 08 April 2015 - 8:53

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+29+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BA%E0%B7%9A%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
ගැටුම් පවතින යේමනයේ  සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 29 දෙනෙකු අද රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළා. ඔවුන් අද රාත්‍රී  අටට පමණ කටාර් ගුවන් සේවයට අයත් යානයකින් කටුනායක ගුවන් තොටුපලට පැමිණෙන්නේ අප්‍රිකානු ජිබුටි රාජ්‍යයේ සිටයි. මෙම පිරිස පසුගිය 6 වැනිදා යේමනයේ සිට ජුබිටි රාජ්‍ය වෙත රැගෙන එනු ලැබුවේ චීන නෞකාවකින්. මේ වනවිට යුද ගැටුම් පවතින යේමනයේ සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 54 දෙනෙකු දිවයිනට  ගෙන්වාගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.

Update : Wednesday, 08 April 2015 - 16.48
--------------------------------------------------
යේමනයේ සිටි  අපේ අය ගුවනින් ගේන්න සුදානම්

යේමනයේ යුද ගැටුම් හේතුවෙන් අතරමංව සිට චීන නෞකාවක් මගින් අප්‍රිකානු - ජිබුටි රාජ්‍යය වෙත රැගෙන ආ ශ්‍රී ලාංකිකයන් 43 දෙනා දිවයිනට ගෙන්වා ගැනීම සඳහා අදාළ ගුවන් සමාගම් සමග මේ වනවිට සාකච්ඡා ආරම්භ වී තිබෙනවා. යේමනයේ යුද ගැටුම්වලට මැදිවී සිටින ශ්‍රී ලාංකිකයින් අසූ තුන්දෙනෙකු පිළිබඳ තොරතුරු වාර්තාවූ අතර ඉන් 13 දෙනෙකු මීට පෙර දිවයිනට පැමිණ ඇති බව විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

වැඩබලන විදේශ කටයුතු අමාත්‍ය අජිත් පී. පෙරේරා කියා සිටියේ ජිබුටි රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාවට සෘජු ගුවන් සේවා නොමැතිවීම හේතුවෙන් පෙරේදා මුදාගත් ශ්‍රී ලාංකිකයන් දිවයිනට ගෙන්වාගැනීම ප්‍රමාද වී ඇති බවයි. ජිබුටි රාජ්‍යය වෙත පැමිණි ශ්‍රී ලාංකිකයන් 43 දෙනා, කෙන්යාවේ සිටින ශ්‍රී ලංකා තානාපතිවරයා විසින් භාරගෙන ඇති බවද ඔහු ප්‍රකාශ කළා.  

පෙරේදා මෙම ශ්‍රී ලාංකිකයින් පිරිස යේමනයේ සානා අගනුවර පිහිටි හොදෙයිදා වරායේ සිට ජිබුටි රාජ්‍යය වෙත රැගෙන ආවේ චීන නෞකාවකින්.