පිටුපසින් පැමිණ පිහියෙන් ඇන්නා - එජාපය, හැමදේටම අත ඔසවන්න බැහැ - නිදහස් පක්ෂය

Wednesday, 08 April 2015 - 13:23

%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB+%E0%B6%B4%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F+-+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%2C+%E0%B7%84%E0%B7%90%E0%B6%B8%E0%B6%AF%E0%B7%9A%E0%B6%A7%E0%B6%B8+%E0%B6%85%E0%B6%AD+%E0%B6%94%E0%B7%83%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B6%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA
එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කරන සියලූ දේට අත එසවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් නොමැති බව එහි මහ ලේකම් හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා පවසනවා. භාණ්ඩාගාර බිල්පත් මගින් රුපියල් බිලියන 400 ක් ලබාගැනීම සඳහා වන යෝජනාව ඊයේ (07) පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වීම සම්බන්ධයෙන් කොළඹ දී අද (08) මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ද වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේදී අද මාධ්‍ය හමුවක් කැඳවමින් මෙම යෝජනාව පරාජයට පත්වීම පිළිබඳව කරුණු පැහැදිලි කළා. ඔහු කියා සිටියේ මෙම යෝජනාව සම්බන්ධයෙන් විවාදය ආරම්භ කළ අවස්ථාවේදී විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මීට සහය ලබාදෙන බව ප්‍රකාශ කළත් විපක්ෂයේ කොටසක් ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ බවයි. විපක්ෂ නායකවරයා සිදුකළ මෙම ක්‍රියාව පිටුපසින් පැමිණ පිහියෙන් ඇණීමක් වැනි බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

මෙහිදී මාධ්‍යවේදියෙකු අමාත්‍යවරයාගෙන් අසා සිටියේ මෙම තත්ත්වය මඟ හරවා ගත නොහැකි වුවහොත් ඊට පවතින විකල්පය කුමක්ද යන්නයි. මහ මැතිවරණයකට යාම එකම විකල්පය බව ඔහු ප්‍රකාශ කළා.

භාණ්ඩාගාර බිල්පත් මගින් රුපියල් බිලියන 400 ක් ලබාගැනීම සඳහා වන යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඡන්ද විමසීමක් අවශ්‍ය බවට ඉල්ලා සිටියේ ස්වාධීනව කටයුතු කරන පෙරටුගාමී සමාජවාදී පක්ෂය නියෝජනය කරන අජිත් කුමාර මන්ත්‍රීවරයායී. මෙලෙස ඡන්ද විමසීමක් ඉල්ලීම පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය ඔහුගෙන් ප්‍රශ්න කළා. ඔහු කියා සිටියේ තමාගේ විපක්ෂ නායකයා නිමල් සිරිපාලද සිල්වා මන්ත්‍රීවරයා නොවන බවයි. එම නිසා තමන් මෙහිදී ස්වාධීනව කටයුතු කළ බව ඔහු සඳහන් කළා.