update: අස්ගිරි මහනාහිමිගේ ශ්‍රී දේහය උඩුගම විහාරස්ථානයේ තැන්පත් කෙරේ

Thursday, 09 April 2015 - 7:46

update%3A+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%AF%E0%B7%9A%E0%B7%84%E0%B6%BA+%E0%B6%8B%E0%B6%A9%E0%B7%94%E0%B6%9C%E0%B6%B8+%E0%B7%80%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
අපවත් වී වදාළ අස්ගිරි පාර්ශවයේ මහානායක, අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහනාහිමියන්ගේ ශ්‍රී දේහය මේ වනවිට අස්ගිරි විහාර සංකීර්ණයේ උඩුගම විහාරස්ථානයේ තැන්පත් කර තිබෙනවා. උන්වහන්සේගේ ශ්‍රී දේහය කොළඹ සිට රිය පෙරහරකින් එම විහාරස්ථානය වෙත වැඩම කරවනු ලැබුවේ අද (09) පෙරවරුවේයී.

මහනාහිමියන්ගේ ශ්‍රී දේහය ඊයේ (08) රාත්‍රීයේ සිංගප්පූරුවේ සිට යූ.එල්. 309 දරන ගුවන් යානයෙන් මෙරටට වැඩම කරවනු ලැබුවා. ගුවන් තොටුපලේ සිට රිය පෙරහරකින් කොළඹට වැඩම කර වූ උන්වහන්සේගේ ශ්‍රී දේහය ඊයේ රාත්‍රීය පුරා කොළඹ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තැබුණා. අපවත් වූ මහනාහිමියන්ට අවසන් බුහුමන් දැක්වීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂද අද පෙරවරුවේ එම පෞද්ගලික මල් ශාලාව වෙත පැමිණියා.

ශ්‍රී දේහය මහනුවරට වැඩම කරවීම අද (09) පෙරවරු 7 ට පමණ ආරම්භ වූ අතර, මහනාහිමියන්ට අවසන් බුහුමන් දැක්වීමට ප්‍රාදේශීය දේශපාලනඥයින් ඇතුළු බෞද්ධ බැතිමතුන් විශාල පිරිසක් කොළඹ - නුවර මග දෙපස රැස්ව සිටියා. පෙරවරු 11 ට පමණ අස්ගිරි මහාවිහාර සංකීර්ණය වෙත වැඩම කරවූ මහනාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිගනු ලැබුවේ අස්ගිරි මහා විහාර කාරක සංඝ සභික භික්ෂූණ් වහන්සේ විසින්. හෙට පෙරවරු 8 දක්වා උඩුගම විහාරස්ථානයේ තැන්පත් කර තැබෙන මහනාහිමියන්ගේ ශ්‍රී දේහය අනතුරුව අස්ගිරි මහා විහාරයේ ප්‍රා උපාලි අනුස්මරණ ශාලාව වෙත වැඩම කරවීමට නියමිතයි.

මේ අතර, අපවත් වී වදාළ අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහනාහිමියන් සුවිශේෂී ශාසනික සහ සමාජීය මෙහෙවරක් ඉටුකළ නිහතමානී ශ්‍රේෂ්ඨ සංඝ පීතෘන් වහන්සේ නමක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. මහනායක හිමියන්ගේ අපවත්වීම නිමිත්තෙන් ශෝක පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අපවත් වී වදාළ මහනායක හිමියන් දළඳා වහන්සේගේ තේවාව සම්බන්ධ කටයුතු දීර්ඝ කාලයක් තිස්සේ මහත් ශ්‍රද්ධාවෙන් ඉටු කරමින් ශ්‍රී දළඳා මාලිගාවේ සංවර්ධන කටයුතු වෙනුවෙන් සුවිශේෂී මැදිහත්වීමක් සිදුකළ බවයි.

එමෙන්ම, විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා ද මහනාහිමියන්ගේ අපවත්වීම සම්බන්ධයෙන් ශෝක පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ ධර්මධර, විනයධර, සුපේෂල, ශික්ෂාකාමී, සංඝ පීතෘවරයෙකු වූ අස්ගිරි පාර්ශවයේ මහනාහිමියන් තම නිකායේ පමණක් නොව අන්‍ය නිකායවල මහ සඟරුවනේද නිබඳ ගෞරවයට පාත්‍ර වූ හිමිනමක් බවයි.





Update : Thursday, 09 April 2015 - 7:46
................................................................................................................................................................

මහ නාහිමියන්ගේ ශ්‍රී දේහය අස්ගිරි විහාරයේ තැන්පත් කෙරෙති

ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අපවත් වී වදාළ මහනායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහනාහිමියන්ගේ ශ්‍රී දේහය මේ වනවිට අස්ගිරි මහා විහාරයේ තැන්පත් කර තිබෙනවා. මහ නාහිමියන්ගේ ශ්‍රී  දේහයට අති විශාල බැතිමතුන් පිරිසක් අවසන් ගෞරව දැක්වීම සඳහා  පැමිණෙමින් සිටින බවයි වාර්තාවන්නේ.  කොළඹ පුද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබූ  උන්වහන්සේගේ ශ්‍රී දේහය රැගත් විශේෂ රථ පෙරහර මහනුවර බලා පිටත්වූයේ අද උදෑසන 7 ට යි.

ඊයේ රාත්‍රී 9.05 ට පමණ මහ නාහිමියන්ගේ ශ්‍රී දේහය විශේෂ ගුවන් යානයකින් දිවයිනට වැඩම කරවනු ලැබුවා. ඉන් අනතුරුවයි දේහය රැගත් රිය පෙරහර කොළඹ පුද්ගලික මල් ශාලාවක් වෙත රැගෙන එනු ලැබුවේ.

මහ නාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ලබන  12 වැනිදා පූර්ණ රාජ්‍ය  ගෞරව සහිතව මහනුවර පොලිස්  ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් බී.ඒ.එච්.එස්. බොරැලස්ස සඳහන් කළේ  එදින ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවයි. ආදාහන උත්සවය සිදු කෙරෙන ඉරු දින පස්වරු දෙකට අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගණයේදී හමුදා ආචාර වෙඩි මුර 17 ක් සහ ගුවනින් පුෂ්පෝපහාර දැක්වීම සඳහා සියලූ කටයුතු සූදානම් කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

එමෙන්ම එදිනට විදේශ තානාපතිවරුන් සහ දූත මණ්ඩල ප්‍රධානීන්ටද ආරාධනා කර තිබෙනවා. විදේශ රටවලින් බොදු භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ 40 කට වැඩි විදේශ නියෝජිතයින් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගිවීමට නියමිතයි.













Update : Thursday, 09 April 2015 - 12:32
-------------------------------------------------
අස්ගිරි මහ නාහිමියන්ගේ ශ්‍රී දේහය රිය පෙරහරකින් මහනුවරට

සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අපවත් වී වදාළ මහනායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී  බුද්ධරක්ඛිත මහනාහිමියන්ගේ ශ්‍රී දේහය රැගත් රිය පෙරහර අද (09) උදෑසන මහනුවර බලා පිටත්ව යයි.

ඊයේ රාත්‍රී  9.05 ට පමණ මහ නාහිමියන්ගේ ශ්‍රී දේහය විශේෂ ගුවන් යානයකින් දිවයිනට වැඩම කරවනු ලැබුවා. ඉන් අනතුරුවයි ශ්‍රී දේහය රැගත් රිය පෙරහර කොළඹ මල් ශාලාවක් වෙත රැගෙන එනු ලැබුවේ. රෝගී තත්ත්වයක් හේතුවෙන් පසුගිය මාර්තු මාසයේදි සිංගප්පූරුවට වැඩම කළ  මහ නාහිමියන් ඊයේ අලූයම අපවත් වුණේ සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේ  ප්‍රතිකාර ලබමින් සිටියදියි.  අපවත් වනවිට උන්වහන්සේ 86 වන වියේ පසුවුණා.
මහ නාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ලබන 12 වැනිදා පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව මහනුවර පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. එදින ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් බී.ඒ.එච්.එස්. බොරැලස්ස ප්‍රකාශ කළා.  

එමෙන්ම සියලූම නිවාස ඉදිරිපිට කහ කොඩියක් ඔසවා තබන ලෙසටත්, රාජ්‍ය ආයතන ඉදිරිපිට ජාතික ධජය අඩකුඹු කරන ලෙසටත් බෞද්ධ කටයුතු කොමසාරිස් චන්ද්‍රප්‍රේම ගමගේ ඉල්ලීමක් කළා.

මේ අතර ලබන 12 වැනිදාට යෙදෙන ජාතික ශෝක දිනයේදී සියලූම සුරාසැල් වසා තබන ලෙසට සුරාබදු කොමසාරිස්වරයා හරහා දැනුම්දී ඇති බවයි ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

අද උදෑසන මහනුවරට රැගෙන යන ශ්‍රී දේහය මහජන ගෞරවය සඳහා අස්ගිරි විහාරයේ ප්‍රා උපාලි අනුස්මරණ ශාලාවේ තැන්පත් කෙරෙනවා. 


මීට පෙර පළවූ පුවත සම්පුර්ණයෙන්