Update: කොටකෙතන ඝාතනය: අම්මට වඩා පෙම්වතිය ලොකු වූ නරුම පුතා

Friday, 10 April 2015 - 7:39

Update%3A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B6%9A%E0%B7%99%E0%B6%AD%E0%B6%B1+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%3A+%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%A7+%E0%B7%80%E0%B6%A9%E0%B7%8F+%E0%B6%B4%E0%B7%99%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%BD%E0%B7%9C%E0%B6%9A%E0%B7%94+%E0%B7%80%E0%B7%96+%E0%B6%B1%E0%B6%BB%E0%B7%94%E0%B6%B8+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8F
කහවත්ත - කොටකෙතන ප්‍රදේශයේදී තම මව ඝාතනය කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් ඇයගේ 18 හැවිරිදි පුතු අද (10) පැල්මඩුල්ල මහේස්ත්‍රාත්වරයා හමුවේ පාපොච්චාරණයක් සිදුකර තිබෙනවා. හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ සැකකරු පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ද මහේස්ත්‍රාත් දිනේෂ් ලක්මාල් පෙරේරා කොළඹ අපරාධ කොට්ඨාශයට අවසර ලබාදුන් බවයි. කෙසේ වෙතත්, හෙට දිනයේද ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.  

39 හැවිරිදි චාන්දනී ස්වර්ණතිලකා නම් මෙම තුන්දරු මව අතුරුදන් වී ඇති බවට පසුගිය 5 වන දා අලූයම ඇයගේ සැමියා කහවත්ත පොලීසියට පැමිණිලි කිරීමත් සමගයි මෙම සිද්ධිය අනාවරණ වන්නේ. දින එකහමාරකට පසු ඇගේ සිරුර නිවස අසළ පිහිටි කොටකෙතන ඇළේ තිබී සොයා ගත්තා. පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වුණේ ඇගේ සිරුරේ බරපතල කැපුම් තුවාල 6ක් පවතින බවටයි.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කළ පොලීසිය ඇය සමඟ නිවසේ එදින රැදී සිටි 18 හැවිරිදි පුතු අත්අඩංගුවට ගත්තේ ඊයේ දිනයේදියි. අනතුරුව ඔහු දීර්ඝ පාපොච්චාරණයක් පොලිසියට ද සිදුකර තිබුණා. එහිදී ඔහු සදහන් කර ඇත්තේ සිය පෙම්වතියට ත්‍යාගයක් මිලදී ගැනීම සඳහා මුදල් ඉල්ලූ විට මව එය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙම ඝාතනය සිදුකළ බවයි. මුදල් ලබාදීමට මව ප්‍රතික්ෂේප කළ අවස්ථාවේදී පිහියක් රැගෙන සියදිවි හානි කර ගන්නා බව පවසමින් සැකකරු නිවසේ මුළුතැන්ගෙට ගොස් තිබෙනවා. එය වැළැක්වීමට මව එම ස්ථානයට ගොස් ඇති අතර, එහිදී සැකකාර පුතු මවට පිහියෙන් පහර දී ඇති බවයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබුණේ.



Update : Friday, 10 April 2015 - 7:39
............................................................................................................................................................

පෙම්වතියට ත්‍යාගයක් ගැනීමට මුදල් ඉල්ලා ආනන්තරීය පව කරගත්තාලු!

කහවත්ත - කොටකෙතන ප්‍රදේශයේදී තම මව ඝාතනය කළ සැකකාර පුත්‍රයා අද (10) පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. අධිකරණයේ අවසරය මත පැය 48 ක කාලයක් රඳවාගෙන මොහුගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මෙම කාන්තාව ඝාතනය වූ දිනයේ ඇය සමඟ නිවසේ සිටි පුත්‍රයා වන මෙම සැකකරු ඊයේ පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවා. අනතුරුව ඔහු දීර්ඝ පාපොච්චාරණයක් පොලිසියට සිදුකර තිබෙනවා. එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ සිය පෙම්වතියට ත්‍යාගයක් මිලදී ගැනීම සඳහා මුදල් ඉල්ලූ විට මව එය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙම ඝාතනය සිදුකළ බවයි. අදාළ මුදල ලබාදීමට මව ප්‍රතික්ෂේප කළ අවස්ථාවේදී පිහියක් රැගෙන සියදිවි හානි කර ගන්නා බව පවසමින් සැකකරු නිවසේ මුළුතැන්ගෙට ගොස් තිබෙනවා. එය වැළැක්වීමට අදාළ කාන්තාව ගිය අවස්ථාවේදී සැකකරු තම මවට පිහියෙන් පහර දී ඇති බවයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

Update : Friday, 10 April 2015 - 10:50
-------------------------------------------

මවගේ ඝාතනයට 18 හැවිරිදි පුත්‍රයා සැකපිට අත්අඩංගුවට

කහවත්ත - කොටකෙතනේදී පසුගියදා සිදුවු කාන්තා ඝාතනයට සැකපිට එම කාන්තාවගේ වයස අවුරුදු 18 ක පුත්‍රයා ඊයේ (09) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ එදින රාත්‍රියේ එම කාන්තාව සමඟ නිවසේ රැඳී සිටි සැකකාර පුත්‍රයා පොලිසියට ඝාතනය සම්බන්ධයෙන් පාපොච්චාරණයක්ද සිදුකර ඇති බවයි. කොළඹ අපරාධ කොට්ඨාසය සහ කහවත්ත පොලිසිය එක්ව සිදුකරන ලද පරීක්ෂණවලදී සැකකරු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය සාක්ෂි ලබාගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.