හෙරොයින් සමඟ 3ක් කොටුවෙයි

Friday, 10 April 2015 - 10:40

%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+3%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
කොහුවල සහ මාලිගාවත්ත ප්‍රදේශවල ඊයේ (09) සහ අද (10) අලූයම සිදුකළ මෙහෙයුම්වලදී හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු සහ සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොහුවල - කළුබෝවිල - පීරිස් පෙදෙසේදී හෙරොයින් ග්‍රෑම් 02 යි මිලිග්‍රෑම් 200 ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත් අතර, කොහුවල - භාතිය මාවතේදී හෙරොයින් ග්‍රෑම් 02 යි මිලිග්‍රෑම් 458 ක් ළඟ තබාගත් 22 හැවිරිදි කාන්තාවක්ද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා. මේ අතර, මාලිගාවත්ත - ලොගෙට් ලේන් හිදී අද අලූයම සිදුකරන ලද වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 04 යි මිලිග්‍රෑම් 200 ක් ළඟ තබාගත් වයස අවුරුදු 37 ක කාන්තාවක් පොලිස් අත්අඩංගුවට පත්වුණා.