කියුබාව සහ ඇමරිකාව වසර 50 කට පසු ඉහළපෙලේ සාකච්ඡාවක

Friday, 10 April 2015 - 12:24

%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%B6%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+50+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%B4%E0%B7%99%E0%B6%BD%E0%B7%9A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A
කියුබානු විප්ලවයෙන් වසර 50 කට පමණ පසු කියුබානු සහ ඇමරිකානු විදේශ අමාත්‍යවරුන් අද ප්‍රථම වරට පැනමාවේදී මුණ ගැසෙනවා. ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී සහ කියුබානු විදේශ අමාත්‍ය බෲනෝ රොඞ්රිගුවෙස් අතර පැවැත්වෙන එම සාකච්ඡාව දෙරට අතර සබඳතාවල නව ආරම්භයක් ලෙසයි සැලකෙන්නේ. ඇමරිකානු රාජ්‍යයන්හි සමුළුව පැනමාවේ පැවැත්වෙන අතර ඊට සමගාමීව මෙම හමුව සිදුවනු ඇති. දෙරට අතර සබඳතා යථා තත්ත්වයට පත්කර ගැනීමට සූදානම් බව ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා සහ කියුබානු ජනාධිපති රාවුල් ක්‍රස්තෝ ප්‍රකාශ කළේ පසුගිය වසරේ දෙසැම්බර් 17 වැනිදායී. ඇමරිකානු සහය ලැබූ ආඥාදායක බැටිස්ටා බලයෙන් පෙරලා ෆිදෙල් ක්‍රස්තෝ විප්ලවය ජයග්‍රහණය කිරීමත් සමඟ 1959 වසරේ ජනවාරි 01 වැනිදා බැටිස්ටා ඇමරිකාවට පළා ගියා.