චීනය සහ ශ්‍රී ලංකාව ඒකාබද්ධ යුද අභ්‍යාසයක

Saturday, 11 April 2015 - 13:20

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B6%85%E0%B6%B7%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B6%9A
ත්‍රස්තවාදය මැඬලීම ඇතුළු යුදමය හැකියාවන් වර්ධනය කර ගැනීමේ පරිපූර්ණ ඒකාබද්ධ යුද අභ්‍යාසයක් ශ්‍රී ලංකාවේ සහ චීන යුද හමුදා කණ්ඩවල සහභාගීත්වයෙන් පසුගිය දා ආරම්භ වූ බව ඉන්දීය පී.ටී.අයි. ප්‍රවෘත්ති සේවය වාර්තා කළා. දකුණුදිග චීනයේ පැවති මෙම යුද අභ්‍යාසය නම් කර ඇත්තේ 2015 - සේද මාර්ග සහයෝගීතාවය ලෙසයි. ගුවන්ෂු හිදී පසුගිය මාර්තු 29 වන දා ආරම්භ වූ යුද අභ්‍යාසයේදී ත්‍රස්ත මර්ධන කුසලතා සහ ක්‍රමෝපාය පුහුණුව පිළිබද විශේෂ අවදානයක් යොමු වූ බව සදහන්. චීන හමුදා මාධ්‍ය උපුටා දක්වමින් පී.ටී.අයි. ප්‍රවෘත්ති සේවය වැඩිදුරටත් සඳහන් කළේ දෙපාර්ශවය අතර කුසලතා හුවමාරු කර ගැනීමට ද අභ්‍යාසය යොදාගෙන ඇති බවයි.

හමුදාමය කටයුතුවලදී ප්‍රයෝජනවත් වන ත්‍රස්ත විරෝධී කුසලතාවයන්ට වෙඩි තැබීම, අල්වා ගැනීම සහ දුෂ්කර තරණය කිරීම් ඇතුළත්. හදිසි පරීක්ෂා කිරීමේ මෙහෙයුම්, ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීම, පැහැර ගැනීමට ලක්වූ බස් රථ සහ ගුවන් යානා මුදා ගැනීම පිළිබඳ පුහුණු අභ්‍යාස ඊට ඇතුළත් වූ බවයි චීන සන්නද්ධ පොලිස් බලකායේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සු - හයිහුයි ප්‍රකාශ කර ඇත්තේ.

මෙම අභ්‍යාසයේ දෙවන අදියර මේ වසරේ ජුනි මාසයේ ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතයි. ඒ සඳහා චීන විශේෂ මෙහෙයුම් බලකායේ කණ්ඩායම් කිහිපයක් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති. මහජන චීන සන්නද්ධ පොලිස් බලකාය සහ ශ්‍රී ලංකා යුද හමුදාව මෙම ඒකාබද්ධ යුද අභ්‍යාසයට එක්වූ බව පී.ටී.අයි. ප්‍රවෘත්ති සේවය වැඩිදුරටත් සදහන් කළා.

වැඩ බලන යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර  හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ මෙම ඒකාබද්ධ යුද අභ්‍යාසය අප්‍රේල් 17 වන දා දක්වා චීනයේ ගුවන්ෂු හිදී පැවැත්වෙන බවයි. ඒ සඳහා යුද හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුවේ සහ විශේෂ බලකායේ කණ්ඩායම් 4ක් සහභාගි වී සිටින අතර, දෙරටේ හමුදා අතර අත්දැකීම් සහ පළපුරුද්ද හුවමාරු කර ගැනීමට මෙම යුද අභ්‍යාසය වැදගත් වන බව ඔහු වැඩිදුරටත් සදහන් කළා. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන දෙවන අදියර සඳහා චීන හමුදා ඛණ්ඩවල සහභාගීත්වය පිළිබද දැන් සාකච්ඡා සිදුකෙරෙන බවයි වැඩ බලන යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර වැඩිදුරටත් කියා සිටියේ.