මහින්ද බුලත් කොළයෙන්

Saturday, 11 April 2015 - 19:52

%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B6%E0%B7%94%E0%B6%BD%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ඉදිරි මහ මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරිපත් වීමට කිසිදු බාධාවක් නොමැති බව අද (11) ප්‍රකාශ කෙරුණා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත කියා සිටියේ අද පැවති සන්ධානයේ පක්ෂ නායක රැස්වීමේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළ බවයි.

මෙහිදී 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන්ද දීර්ඝ ලෙස සාකච්ඡාකර තිබෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර හිමි සියළු පක්ෂවල නියෝජිතයන්ට මෙම සාකච්ඡාව සඳහා ආරාධනා කර තිබුණත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඊට සහභාගී නොවීමද විශේෂත්වයක්. සාකච්ඡාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම ඊයේ රැස්වී ගත් තීරණ සම්බන්ධයෙන් සන්ධාන පක්ෂ නායකයන් දැනුවත් කර තිබෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන සියළු දේශපාලන පක්ෂ එක් මැයි රැළියක් පැවැත්වීමේ වැදගත්කමද මෙහිදී සාකච්ඡාවට බඳුන් වුණා. නිදහස් සන්ධාන මහ ලේකම්, හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කළේ ඒ පිළිබඳ අවසන් තීරණය අලූත් අවුරුද්දෙන් පසුව ගතයුතු බවට එකඟත්වයකට පැමිණි බවයි.