නිදහස් පක්ෂය දෙකඩවෙයි

Sunday, 12 April 2015 - 14:29

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%A9%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවෙන් සාමාජිකයින් 4 දෙනෙක් ඉවත් කිරීමත් සමඟ පක්ෂයේ බෙදීම ආරම්භ වූ බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා. ඒ පිළිබද හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිදහස් සන්ධානයේ මීළඟ අගමැති අපේක්ෂකයා කළ යුතු බවට හඬ නගන මන්ත්‍රීවරුන් 4 දෙනෙකු මෙලෙස මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කර ඇති බවයි. මෙය අනුමත කළ නොහැකි බවත් බස්නාහිර පළාත් මහඇමතිවරයා කියා සිටියා.