බොක්ක කළඹයි - වේගය 30යි

Monday, 13 April 2015 - 16:12

%E0%B6%B6%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A+%E0%B6%9A%E0%B7%85%E0%B6%B9%E0%B6%BA%E0%B7%92+-+%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%BA+30%E0%B6%BA%E0%B7%92
මන්නාරම් බොක්කේ පවතින කැළඹිලි තත්ත්වයක් හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට තාවකාලිකව තද සුළං මෙන්ම අකුණු ද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. විශේෂයෙන් යාපනයේ සිට කොළඹ හරහා ගාල්ල දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල හෙට (14) උදය කාලයේදී වැසි ඇතිවිය හැකියි. සුළං වයඹ දෙසින් හෝ ඊසාන දෙසින් හමන අතර සුළෙඟ් වේගය පැයට කිලෝමීටර් 20 ත්, 30 ත් අතර අගයක් ගන්නා බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.