සැළකිලිමත් වන්න

Monday, 13 April 2015 - 17:48

%E0%B7%83%E0%B7%90%E0%B7%85%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට අද (13) පස්වරුවේ ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග ඝන මීදුම් තත්වයක් මතුවී තිබෙනවා. හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේත් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේත් ඝන මීදුම් තත්වය මතුවීම නිසා රථවාහන ගමනාගමනයට තරමක බාධා පැමිණ තිබෙනවා. එමෙන්ම අධික වර්ෂාවත් සමගම හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයත් හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේත් ලිස්සන සුළු ස්වභාවයක්  හටගෙන තිබේ. එම මාර්ගවල රථවාහන ධාවනය කිරීමේදී ඉදිරිපස ප්‍රධාන ලාම්පුව දල්වාගෙන ඉතා සැළකිලිමත් ලෙස රිය ධාවනය කරන මෙන් පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටීනවා. නුවරඑළිය වසන්ත සමයට වාහන වැඩි ප්‍රමාණයක් හැටන් මාර්ගය ඔස්සේ පැමිණෙයි. මාර්ගය අලුතින් කාපට් අතුරා ඇති නිසා දැඩි ලෙස ලිස්සන සුළු ගතියකින් යුක්ත වෙනවා.










(ඡායාරූප රංජිත් රාජපක්ෂ )