විපක්ෂ නායක නිමල් සිරිපාල සර්ව පාක්ෂික සාකච්ඡා ඉල්ලයි

Monday, 13 April 2015 - 19:33

%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD+%E0%B7%83%E0%B6%BB%E0%B7%8A%E0%B7%80+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
මැතිවරණ ක්‍රමයේ සිදුකෙරෙන සංශෝධන ඇතුළත් 20 වන සංශෝධනය සම්මත කරගැනීම සඳහා සර්වපාක්ෂික සාකච්ඡාවකට වුවද සූදානම් බව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළා. විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේ නිදහස් පක්ෂය විසින් කෙටුම්පත් කරන විසිවන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින්. මැතිවරණ ක්‍රමයේ සිදුවිය යුතු සංශෝධන සකස් කිරීම සඳහා නිදහස් පක්ෂය පසුගියදා හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ ප්‍රධානත්වයෙන් සිව් පුද්ගල කමිටුවක් ද පත් කළා. ඔවුන් පසුගියදා රැස්වී මේ පිළිබඳව සාකච්ඡාවක් පැවැත්වූ අතර, දිනේෂ් ගුණවර්ධන වාර්තාව පදනම් කරගෙන අදාළ සංශෝධන පනත් කෙටුම්පත සකස් කිරීමට එහිදී තීරණය කෙරුණු බවයි එම කමිටුවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී  සුසිල් ප්‍රේමජයන්ත හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

 මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා දිනේෂ් ගුණවර්ධන කමිටුව පත් කෙරුණේ 2002 වසරේදියි. මිශ්‍ර  ක්‍රමයක් යටතේ මැතිවරණය පැවැත්විය යුතු බවට නිර්දේශ කරමින් ඔවුන් පසුව අතුරු වාර්තාවක් ද නිකුත් කළා. එහෙත් දිනේෂ් ගුණවර්ධන කමිටු වාර්තාවට කිසිදු පක්ෂයක එකඟතාවක් ලැබී නොමැති බවයි එක්සත් ජාතික පක්ෂය  පවසන්නේ.