මිලියන 21ක රත්‍රං තෑග්ගක්

Tuesday, 14 April 2015 - 17:04

%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+21%E0%B6%9A+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%82+%E0%B6%AD%E0%B7%91%E0%B6%9C%E0%B7%8A%E0%B6%9C%E0%B6%9A%E0%B7%8A
නීතිවිරෝධී ලෙස දිවයිනෙන් රැගෙන යාමට උත්සාහ කළ රුපියල් මිලියන 21 ක් පමණ වටිනා රත්‍රං කිලෝ 4 යි ග්‍රෑම් 200 ක් සමඟ ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු ගුවන් තොටුපල රේගුව අද (14) පස්වරුවේ අත්අඩංගුවට ගත්තා.

වැටලීම පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශයට පැහැදිලි කළ රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී කියා සිටියේ අද පස්වරුවේ ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.

මේ අතර, නීතිවිරෝධී ලෙස මෙරටින් රැගෙන යාමට උත්සාහ කළ රත්‍රං බිස්කට් තොගයක් සමඟ 25 හැවිරිදි ඉන්දීය ජාතිකයෙකුද ගුවන් තොටුපල සහ ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන්, අද අලූයම අත්අඩංගුවට ගෙන තිබුණා.

රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී කියා සිටියේ එම රත්‍රං තොගයේ වටිනාකම එක් කෝටි 69 ලක්ෂ 96,300 ක් වන බවයි.