එකම තැන 400 ක් මරුට

Wednesday, 15 April 2015 - 7:52

%E0%B6%91%E0%B6%9A%E0%B6%B8+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1+400+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ලිබියානු ඈත මුහුදේදී සංක්‍රමණිකයන් රැගත් යාත්‍රාවක් පෙරළී යාමෙන් පුද්ගලයින් 400 ක් පමණ මියයන්නට ඇති බව විදෙස් වාර්තා පවසනවා. ඊයේ සිදුවූ මෙම අනතුරින් යාත්‍රාවේ සිටි තවත් 144 දෙනෙකු ඉතාලි වෙරළාරක්ෂක නිලධාරීන්  බේරාගෙන ඇති බවයි එම වාර්තා සඳහන් කළේ. මියගිය පුද්ගලයින් 9 දෙනෙකුගේ මළ සිරුරු මේ වනවිට සොයාගෙන තිබෙනවා. මෙම යාත්‍රාව කුමන ස්ථානයක සිට ගමන් ආරම්භ කළේද යන්න පිළිබඳව මේ වනවිට තොරතුරු අනාවරණ වී නැහැ. සංක්‍රමණිකයන් 550 දෙනෙකු රැගත් යාත්‍රාවක් ලිබියානු මුහුදු තීරයේදී පසුගිය සතියේදී ද අනතුරට ලක්වුණා.