පසුගිය වසරේ අලූත් අවුරුදු දින දෙකට සාපේක්ෂව මේ වසරේ 13 සහ 14 දින දෙකෙහි වාර්තාවූ හදිසි අනතුරු සංඛ්‍යාවේ ඉහළ යෑමක් දක්නට ලැබෙන බව කොළඹ ජාතික රෝහල පවසනවා. එහි නියෝජ්‍ය අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සිරිල් ද සිල්වා කියා සිටියේ අදාළ දින දෙක තුළ අනතුරු හේතුවෙන් පුද්ගලයින් 435 දෙනෙකු රෝහල් ගතව ඇති බවයි. ඉන් 172 කු මේ වනවිට නේවාසිකව ප්‍රතිකාර ලබනවා. පසුගිය වසරේදී වාර්තාවූ අනතුරු සංඛ්‍යාව 357 ක්. ගිනි කෙළි අනතුරු සංඛ්‍යාව පහළ අගයක දක්නට ලැබුණත් මාර්ග අනතුරු සහ නිවෙස්වලදී සිදුවන අනතුරු සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි නියෝජ්‍ය අධ්යක්ෂවරයා තවදුරටත් කියා සිටියේ.