යුද හමුදාව හැරගොස් සිටින හමුදා සාමාජිකයන්ට ලබාදී තිබූ පොදු සමා කාලය ලබන අප්‍රේල් 25 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා. යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර කියා සිටියේ මේ වනවිට 13,600 ක් පමණ හමුදා සෙබළ සෙබළියන් යළි වාර්තා කර ඇති බවයි. ඒ අතරින් 10,400 ක් පමණ මේ වනවිට පොදු සමාව යටතේ නීත්‍යානුකූලව හමුදාවෙන් ඉවත් වී ඇති බවද යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. හමුදාවෙන් ඉවත්වීමට ලබාදී තිබූ පොදු සමා කාලය පසුගිය අප්‍රේල් දෙවැනිදා ආරම්භ වූ අතර එය අවසන්වීමට නියමිතව තිබුණේ අද දිනයේදීයි.