මධ්‍යම මහ ඇමති විපක්ෂ නායකට එරෙහි යෝජනාවක් ගෙනෙයි

Thursday, 16 April 2015 - 13:11

%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8+%E0%B6%B8%E0%B7%84+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%BA%E0%B7%92
තමාට විරුද්ධව විශ්වාසභංගයක් ගෙන එන්නේ නම් නුදුරේදීම විපක්ෂ නායකවරයාට එරෙහිවද අප්‍රසාදය පළ කිරීමේ යෝජනාවක් සභාවට ගෙන එන බව මධ්‍යම පළාත්  ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක පවසනවා

කෙසේ වෙතත් මධ්‍යම පළාත් සභාව තුළ වත්මන්  ප්‍රධාන අමාත්‍යවරයාට බහුතර කැමැත්තක් නොමැති බවට තහවුරු කෙරෙන විශ්වාසභංගය හෙට දිනයේදී සභාවට ඉදිරිපත් කරන බවයි මධ්‍යම පළාත් විපක්ෂ නායක රංජිත් අලූවිහාරේ හිරු  ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

මධ්‍යම පළාත් සභාවේ මහ ඇමතිවරයා ලෙස තිළිණ බණ්ඩාර තෙන්නකෝන් පත් කරන ලෙස ඉල්ලා පක්ෂ විපක්ෂ පළාත් සභා මන්ත්‍රීවරුන් 32කුගේ දිවුරුම් ප්‍රකාශ පළාත් ආණ්ඩුකාර සුරංගනී එල්ලාවල වෙත පසුගිය මාර්තු 12 වැනිදා  භාරදෙනු ලැබුවා.

එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි මධ්‍යම පළාත් සභාව මන්ත්‍රීධුර 58 කින් සැදුම් ලබන අතර නිදහස් සන්ධානයට හිමි මන්ත්‍රී ධුර සංඛ්‍යාව 36 ක්. එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 16 ක්, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක්, ලංකා කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රීවරු දෙදෙනෙක් මෙන්ම කඳුරට ජනතා පෙරමුණේ සහ මුස්ලිම් කොංග්‍රසයේ එක් මන්ත්‍රීවරයෙකු බැගින් මෙම පළාත් සභාව නියෝජනය කරනවා.

කෙසේ වෙතත් මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක ප්‍රකාශ කළේ කුමන ආකාරයේ විශ්වාසභංගයකට වුවද තමා සූදානම් අතර, පළාත් විපක්ෂ නායක රංජිත් අලූවිහාරේට එරෙහිව අප්‍රසාදය පළ කිරීමේ යෝජනාවක් ද ළඟදීම සභාවට ඉදිරිපත් කරන බවයි.

ජනාධිපතිවරණයෙන් පසුව එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි ඌව, උතුරුමැද සහ  නැගෙනහිර පළාත් සභාවලද මහ ඇමති ධුර  වෙනස් වුණා.