ඉවත් කළ අය තංගල්ලේදී කතා කරයි

Thursday, 16 April 2015 - 19:36

%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%85%E0%B6%BA+%E0%B6%AD%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කළ මන්ත්‍රීවරුන් 5 දෙනා අද (16) දහවල් තංගල්ලේ පිහිටි කාල්ටන් නිවසේ මාධ්‍ය හමුවක් කැදවා තිබුණා. එහිදී ඔවුන්, තමන්ව මධ්‍යම කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉවත් කිරීම පිළිබඳව අදහස් පළ කළා. මාධ්‍ය හමුවට එක්වූ හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ මෙම තීරණය සම්බන්ධයෙන් අධිකරණයේ සහාය පැතීමට අපේක්ෂා කරන බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයන්ට මෙම තීරණය භාර දෙන බව හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන එහිදී කියා සිටියා.  

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් මන්ත්‍රීවරුන් 5 දෙනා ඉවත් කිරීමට ගත් මෙම තීන්දුව කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුවට සමාන බව හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන එම මාධ්‍ය හමුවේදී කියා සිටියා.  

ඊට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක කියා සිටියේ පක්ෂය තුළ මේ වන විට නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අහෝසි කර ඇති බවයි.