පළමු වන ලෝක යුද්ධයේ ශත සංවත්සරය නිමිත්තෙන් ඕස්ට්‍රේලියාවේ ලබන සතියේ පැවැත්වීමට නියමිත උත්සවයේදී ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ තරුණයන් 5 දෙනෙකු එරට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් අයි.එස්. සංවිධානයට සහාය පළ කරන කල්ලියක් ලෙසයි සැලකෙන්නේ. වයස අවුරුදු 18ත්, 19ත් අතර මෙම තරුණයන් පිරිස මෙල්බර්න් නුවර දී ඊයේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 200කට අධික පොලිස් භට පිරිසක් සිදුකළ මෙහෙයුමකින්. ඔවුන්ට එරෙහිව ත්‍රස්තවාදී චෝදනා යටතේ නඩු පවරන බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ටෝනි ඇබට් ප්‍රකාශ කළා.